‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට’ මේ දක්වා රුපියල් මිලියන 697 කට වැඩි මුදලක් පරිත්‍යාග ලෙස ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා නිවේදනය කර තිබෙනවා.

ලංකා බැංකු ගිණුම හරහා රුපියල් මිලියන 635 ක් සහ මහ බැංකු ගිණුම් හරහා රුපියල් මිලියන 61 කට වැඩි මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව රටවල් 33 කට වැඩි ගණනකින් ශ්‍රී ලංකාවට මූල්‍යමය ආධාර කර තිබෙනවා.

සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළ ආකාරයට වැඩිම මූල්‍ය අධාර කර රට වන්නේ ප්‍රංශයයි.

විවිධ තැන්පතු හා දායකයයින් 30,470 දෙනෙකුගෙන් මෙම මුදල ලැබී ඇති බව සූරියප්පෙරුම මහතා සඳහන් කර සිටියා.

Latest News

More like this

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...