හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන ‘දිනේෂ් මුතුගල සර්’ ආපදාවන්ට ලක් වූ කොත්මලේ ප්‍රදේශයේ ජනතාවට ආධාර රැගෙන යාම සමාජ මාධ්‍යවල දැඩි ආන්දෝලනයකට හේතු වුණා. සමාජ මාධ්‍ය පුරා දක්න්ට ලැබුණු ආකාරයට විපතට පත් ජනතාව වෙත ආධාර රැගෙන යාම සඳහා ඔහු විසින් පෞද්ගලික ගුවන් යානයක් භාවිත කිරීමයි එම විවේචනවලට හේතුවුණේ.

අදාළ ආධාර තොගය ගුවනින් රැගෙන යන දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් ඔහුගේ සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබීම ද බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වුණා. අදාළ ගුවන් යානයෙන් ඔහු රැගෙන ගිය ආධාර ප්‍රමාණය, එහි රැගෙන යා හැකි උපරිම බර ප්‍රමාණය සමඟ ගුවන් ගමනට එතරම් විශාල මුදලක් වියදම් කිරීම පිළිබඳ ප්‍රශ්න කිරීමට පටන් ගැනුණේ ඒ සමඟයි.

මිනිසුන්ට අත්‍යාවශ්‍යම මොහොතක ඔහුගේ මැදිහත් වීම අගය කළ පිරිස් ද ඒ අතර හිටියා. දිනේෂ් මුතුගල මහතා මෙවැනි තීරණාත්මක අවස්ථාවල ඔහුගේ මැදිහත්වීම් මීට පෙර ද කර ඇතත් ගැටලුව මතුවුණේ මෙවර එහි යම් සංදර්ශනාත්මක ස්වරූපයක් පැවතීමයි.

මීට පැය කිහිපයකට පෙර ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කළ විවේචන සියල්ලන්ටම පිළිතුරු ලබා දී තිබුණා. විශේෂයෙන් අදාළ දර්ශන වීඩියෝ ගත කිරීම පිළිබඳ එල්ල වූ චෝදනාවලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර තිබුණේ ‘විඩියෝ හෝ ඡායාරූප නොදැම්මොත් “මොකුත් කලේනැහැ නේද” කියා අසනවා. විඩියෝ දැම්මොත් “විඩියෝ දැම්මේ ඇයි” කියා අසනවා. එය ඇතැමුන්ගේ මානසික ගැටළුවක්. එය තනි තනිව විසඳා ගත යුතුයි.’ යනුවෙනි.

කෙසේ වෙතත් විශ්වාසවන්ත ආරංචි මාර්ග කිහිපයකට අනුව ඔහුගේ මෙම මාධ්‍ය මෙහෙයුම ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සිදු වූවකි.

ඒ අනුව 2029 වසරේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඔහු නම් කිරීමට ඉඩ කඩක් පවතින බව එම ආරංචි මාර්ග පවසනවා. එවැනි දේශපාලන සිහිනයක් දිනේෂ් මුතුගල සර් තුළ ද පවතින බව පැවසෙනවා. ඒ සඳහා දේශපාලනයේ තිරය පිටුපස ඉල්ලීමක් ද ඇති බවයි වාර්තා වන්නේ. මෙය එයට ඉක්බිති පූර්ව සැලසුමකට අනුව හා ඒ සඳහා පාර කපා ගැනීමක් බව අදාළ ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...