දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම ඉන්දීය කාලගුණ අංශ විසින් ද මෙරට බලධාරින් දැනුවත්කර තිබූ බව indian express වෙබ් අඩවිය පෙන්වා දී තිබෙනවා.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ පසුගිය නොවැම්බර් 20 වැනි දින සුළි කුණාටු තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පිළිබඳව ඉන්දීය කාලගුණ අංශ නොවැම්බර් 13 වැනිදා අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව නොවැම්බර් 26 වැනිදා දක්වා අදාළ පීඩන අවපාතයේ වර්ධනයක් පෙන්නුම් කරන බවට වූ කාලගුණ වාර්තා පිළිබඳ සියලු‍ම තොරතුරු ශ්‍රී ලංකාව සමග සාමාන්‍ය පරිදි හුවමාරු වූ බවත් අදාළ වාර්තාවේ සඳහන් වෙනවා.

එමෙන්ම ජර්මනිය පදනම් කරගත් ජ්‍යාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන DW මාධ්‍ය ආයතනයද ශ්‍රී ලංකාවට බලපෑ ව්‍යසනය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් මෙරටට බලපෑ සුළි කුණාටු ඛේදවාචකය රජයේ අසාර්ථකත්වයන් හෙළි කරන බවට කරුණු දක්වා ඇත්තේ.

අදාළ මාධ්‍ය වාර්තාව පෙන්වා දී ඇති ආකාරයට සුළි කුණාටුව ගොඩබිමට පැමිණීමට සති දෙකකට පෙර නිකුත් කර තිබු කාලගුණ අනතුරු ඇඟවීම් බැරෑරුම් ලෙස සැලකීමට රජය සමත් වී නැහැ. එමෙන්ම දෙමළ භාෂාවෙන් පණිවුඩ සන්නිවේදනය නොකිරීමට රජය අසමත් වී ඇති බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.

මේ අතර මෙරටට බලපෑ සුළි කුණාටු ඛේදවාචකය රජයේ අසාර්ථකත්වයන් හෙළි කරන බව ජර්මනියේ ඩොයිචෙ වෙලා මාධ්‍ය ආයතනය නිකුත් කළ වාර්තාවකක් ද සඳහන් කර තිබෙනවා.

පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර තිබියදී නියමිත වේලාවට ක්‍රියා කිරීමට රජය අපොහොසත් වීමෙන් ජීවිත හානි වැඩි වූ බවට විශේෂඥයින් පවසන බව අදාළ වාර්තාවේ දැක්වෙනවා.

කෙසේ වෙතත් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය 11 වැනිදා පෙර දැනුම් දීම් කර ඇති බව විපක්ෂ දේශපාලන කණ්ඩායම් රැසක් පෙන්වා දී ඇති කරුණු මෙම ජ්‍යාත්‍යන්තර මාධ්‍ය වාර්තා මඟින් ද සනාථ කර ඇති බවයි පෙනී යන්නේ.

Latest News

More like this

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...