ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම් සිදු කරන අයට එරෙහිව හදිසි නීති රෙගුලාසි අනුව කටයුතු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ලබා දුන් උපදෙස් අනුව පැමිණිලි ලැබීමකින් තොරව පොලිසිය ඔවුන් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව ‘අනිද්දා’ පුවත්පත වාර්තා කර තිබෙනවා.
ඒ අනුව සමාජ මාධ්‍යවල ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රචාරයන් සිදු කරන පුද්ගලයින් 57කට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භකර ඇති බව එම වාර්තාවේ සඳහන්ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්යු වුට්ලර් මහතා මේ බව තහවුරු කරමින් ප්‍රකාශ කර ඇත්තේ හදිසි නීතිය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය යටතේ ඒම විමර්ශනයන්ට අදාළ පුද්ගලයින්ට ඉදිරියේදී නීතිය කිරියාත්මක කරන බවයි.
2025 නොවැම්බර් 28 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අංක 2464/30 අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ දිට්වා සුළි කුණාටුව තත්ත්වය හේතුවෙන් රට තුළ ඇති වූ හදිසි ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහාය.
