‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

‘දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004 වසරේදී ඇතිවූ සුනාමියට මෙන් දස ගුණයක විනාශයක් බව මේ වන විට ගණන් බලා ඇති බව වාර්තා වෙනවා.

එම ගණනය කිරීම් අනුව සිදුවූ හානිය ඩොලර් බිලියන හතක් එනම් ශ්‍රී ලංකා රුපියල් බිලියන 2170ක් (ට්‍රිලියන 2.1) ඉක්මවනු ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් මේ වනතෙක් සුළි කුණාටුව මගින් පුද්ගලික සහ රජයේ දේපළවලට වූ හානිය නිශ්චිතව ගණනය කිරීමක් හෝ අවසන් තක්සේරුවක් පිළිබඳව රජය නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසා ඇත්තේ රජයේ අවසන් තක්සේරුව ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග සහයෝගයෙන් සිදු කිරීමට තවත් මාස දෙකක් පමණ ගතවෙනු ඇති බවයි.

මේ අතර දිට්වා සුළි කුණාටුව නිර්මාණය වීමට කෙළින්ම බලපා ඇත්තේ දේශගුණික විපර්යාසවල බලපෑම බව සාගර විද්‍යාව පිළිබඳ පර්යේෂකයකු ද වන මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා පවසා තිබෙනවා

කුණාටුව ඇතිවූ දින කිහිපය තුළ ශ්‍රී ලංකාව ආසන්න සාගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30කට වැඩි අගයක තිබූ බව ඔහු පවසනවා.

සාගරයේ උෂ්ණත්වය ඉහළ යෑමට ගෝලීය උණුසුම ඉහළ යෑම හේතුවී ඇති බව මහාචාර්ය චරිත පට්ටිආරච්චි සහ ආචාර්ය ලක්ෂ්මන් ගලගෙදර යන දෙදෙනාම පෙන්වා දී තිබෙනවා.

Latest News

More like this

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...