මිනිස්සුන්ගේ එක සතයක් ගන්නෙපා.. සහන දෙන්න සියලුම පක්ෂවල අරමුදල් ගන්න.. පූජ්‍ය සමන්තභද්‍ර හිමි

රට තුළ උද්ගතව ඇති වර්තමාන ආපදා තත්ත්වය හමුවේ, හානියට පත් ජනතාවට සහන සැලසීම සඳහා දේශපාලන පක්ෂ සතු අරමුදල්වල පවතින විශාල ධනස්කන්ධය ‍භාවිත කළ යුතු බව පූජ්‍ය සමන්ත භද්‍ර හිමියන් අවධාරණය කර තිබෙනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අපාදා තත්ත්වය හමුවේ සහන සැපයීමේ ක්‍රමවේදය දැඩිව විවේචනය කරමිනි.

ධර්ම දේශනාවක් අතරතුර උන්වහන්සේ සඳහන් කළේ, දේශපාලන පක්ෂ සතුව අරමුදල් විශාල ප්‍රමාණයක් ඇති බවත් හානියට පත් ජනතාවට සහන සැපයීම සඳහා, පක්ෂවල බැංකු පොත්වල සඟවා ඇති එම අරමුදල් යොමු කරවිය යුතු බවයි.

දේශපාලන පක්ෂයක් සතු විශාලම අරමුදල පවතින්නේ මාළිමා පක්ෂය සතුව බවයි උන්වහන්සේ සඳහන් කළේ.

“තමුසෙලා සතයක්වත් දෙන්න එපා. තමුසෙලාගෙන් එකතු කරලා උන් වැඩ කරනවා. උන්ගෙ ටික බැංකු පොත්වල හංගගෙන ඉන්නවා.” යනුවෙන් සඳහන් කළා.

සුනාමියටත් වඩා දරුණු මෙම බරපතල ඛේදවාචකය හමුවේ රටේ පාලන තත්ත්වය ඉතාම ආසාර්ථක බව ද උන්වහන්සේ පවසනවා.

BBC ආයතනය විසින් නොවැම්බර් 25 වැනිදා ඉදිරි දින කිහිපය තුළ මිලිමීටර් 300, 400, 500 වැනි දැවැන්ත වැසි ඇතිවිය හැකි බවට නිවැරදිව අනාවැකි පලකළත් රජය එය නොසලකා හැර ඇති බව සමන්ත් භද්‍ර හිමියන් පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය නිසි අයුරින් කළමනාකරණය කර ගැනීමට නම් ප්‍රධාන දේශපාලන පක්ෂවල පක්ෂ අරමුදල් සහ රජයේ ආධාර ඒකරාශී කර, සර්වපාක්ෂික අරමුදලක් පිහිටුවන ලෙසයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

එක්සත් ජාතික පක්ෂය, පොහොට්ටුව, සමගි ජන බලවේගය සහ විශේෂයෙන්ම විශාලතම අරමුදල ඇති බව කියන ජාතික ජන බලවේගය යන සියලු ප්‍රධාන පක්ෂවල අරමුදල් එකතු කළ යුතුයි.

මෙම සියලු ආධාර සර්වපාක්ෂික සමුළුවක් මඟින් එක තැනකට දමා, ලොකු අරමුදලක් (Fund) සකස් කර එමගින් ජනතාවට සේවය කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියා.

“මමත් අනුශාසක වෙන්නම්” යනුවෙන් එහි අනුශාසක වීමට ද උන්වහන්සේගේ එකඟතාවටය පළ කර තිබෙනවා.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...