පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු යැයි සැලකෙන සහල් තොගයක් යළි සකස් කර බෙදා හරින නීති විරෝධී ජාවාරමක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා පවසන්නේ, මෙහෙයුම අතරතුර දූෂිත සහල් කිලෝග්‍රෑම් 1,000 ක් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙවැනි වංචනික ක්‍රියාකාරකම් හඳුනා ගැනීම සඳහා රට පුරා පරීක්ෂණ සහ නිරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරෙන බව ඔහු පවසා තිබෙනවා.

සභාපතිවරයා වැඩිදුරටත් ව්‍යාපාර සිදු කරනු ලබන ව්‍යාපාරිකයන්ගෙන් එවැනි ජාවාරම් සිදු නොකරන ලෙසයි ඉල්ලා සිටින්නේ.

විශේෂයෙන් මෙම කාල සීමාව තුළ සහල් මිලදී ගැනීමේදී ප්‍රවේශම් වන ලෙස ද ඒ මහතා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීම් කර තිබෙනවා.

අදාළ ඕනෑම තොරතුරක්, තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට හෝ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ පැය 24 පුරා ක්‍රියාත්මක 1926 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙසද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

Latest News

More like this

බංගලාදේශයේ පළමු අගමැතිනිය කලීඩා සියා සමුගනී

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි බේගම් කලීඩා සියා අභාවප්‍රාප්ත වී තිබෙනවා....

ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු...

විගණකාධිපති පත් කරන ලෙස ජ්‍යාත්‍යන්තර හා දේශීය සංවිධාන 20කින් ජනපතිට බලපෑම්

විගණකාධිපති ධුරය වහාම පුරවන ලෙස ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, ශ්‍රී...