දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ නායයෑම් සහ ගංවතුර හේතුවෙන් ළමුන් 275,000 ක් අවතැන් වී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසා තිබෙනවා.
ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට තමන්ගේ දෙමව්පියන් මඟ හැරී ඇති බවයි ඇය පවසන්නේ.
එම දරුවන්ගෙන් කී දෙනෙකුට මව හා පියා හෝ දෙදෙනාම අහිමි වී ඇත්ද යන්න රජය මේ වන විටත් තක්සේරු කරමින් සිටී.
ළමුන්ගේ දෙමාපියන් ගංවතුරෙන් හෝ නායයෑම්වලින් ගසාගෙන ගොස් තිබේද යන්න වහාම තහවුරු කිරීම දුෂ්කර බව අමාත්‍යවරිය පවසා තිබෙනවා.
“මාර්ග අවහිර වී ඇති අතර පාලම් කැඩීගොස් ගොස් තිබෙනවා. සමහර පළාත්වල අපගේ කණ්ඩායම්වලට තවමත් ප්‍රදේශයට ඇතුළු වීමට හැකියාව ලැබී නැහැ.”
ඇතැම් දරුවන්ට ඔවුන්ගේ දෙමාපියන් දෙදෙනාම අහිමි වී ඇති බව ඇය සඳහන් කර තිබෙනවා..
එම දරුවන් බේරාගෙන මව හෝ පියා නොමැතිව ආරක්ෂිත ස්ථාන වෙත ගෙන ගිය බවත් ඔවුන් පවුල් සමඟ නැවත එක් කිරීමට හැකිතාක් උත්සහ කරන බවයි ඇය පවසන්නේ.
දෙමව්පියන් දෙදෙනාම අහිමි දරුවන් ඥාතීන්ට භාර දීමේ හැකියාව සලකාබලන අතරම එම දරුවන් පිළිබඳ රජය දැඩි ලෙස සලකා බලන බවද ඇය පවසා තිබෙනවා.
ඇය පවසන ආකාරයට සම්පූර්ණ අහිමිවීම් පිළිබඳ වාර්තාවක් හෙට එනම් සඳුදා දිනය වනවිට ලබා දීමට නියමිතය.
ව්‍යසනයට ගොදුරු වූ සම්පූර්ණ ළමුන් ගණන,ඔවුන් අතර වයස අවුරුදු පහට අඩු ළමයි කොපමණ සංඛ්‍යාවක් සිටීද,පාසල් යන වයසේ පසුවන දරුවන්,ඔවුන්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳ තොරතුරු ලබා ගැනීම අත්‍යාවාශ්‍ය බවද ඇය සඳහන් කර තිබෙනවා.
අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ අවතැන් වූ දරුවන් සහ ඔවුන්ගේ පවුල් රැඳී සිටින ආරක්ෂක මධ්‍යස්ථානවල දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ළමා ආරක්ෂක නිලධාරීන් යොදවා ඇති බවයි.
රජය පසුගියදා ප්‍රකාශ කළ ආකාරයට බලපෑමට ලක් වූ සෑම දරුවෙක්ටම මූලික වශයෙන් රු 25,000ක් ලබා දෙන බවයි සඳහන් වුණේ.
