නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු වුවහොත් අවතැන්වූවන්ට නැවතත් ඔවුන්ගේ ඉඩම්වලට යාමට රජය ඉඩ නොදෙන බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසා තිබෙනවා.
නායයෑමේ ප්‍රදේශවලට ඉඩම් හිමි ජනතාව නැවත යාම වැළැක්වීම සඳහා අදාළ දේපළ නීතිවලට රජය සංශෝධන එකතු කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු පවසන්නේ.
නායයාමේ අවදානමක් තිබෙන ප්‍රදේශවල ඇති පවරාගන්නා ඉඩම් සඳහා එම ඉඩම් අයිති ජනතාවට ආරක්ෂිත ප්‍රදේශවලින් ඉඩම් හා නිවාස ලබා දීම රජයේ සැලසුම වී තිබෙනවා.
මෙම තත්ත්වය සුනාමිය සිදුවූ අවස්ථාව සමඟද සැසඳිය යුතු වන බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙනවා.
සුනාමිය වු අවස්ථාවේදී රජය විපතට පත්වූවන්ට නව නව ඉඩම් ලබා දුන්නත් මුහුදු ඛාදනයට හෝ සුනාමියකට හසුවීමට අවදානමක් ඇති ඉඩම් පවරා ගැනීමට රජය කටයුතු කර තිබුණේ නැහැ.
එහි ප්‍රතිඵලයක් ලෙස නව ඉඩම් ලබාගත් මිනිසුන් නැවත ඔවුන්ගේ පැරණි ඉඩම්වෙත ගොස් තිබූ බවයි ඔහු පවසන්නේ.
ඒ අනුව සුනාමි අවස්ථාවේ බොහෝ පිරිස් ඉඩම් දෙකම තබා ගැනීමට කටයුතු කර තිබුණා.
නාය යාමට අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගන්නේ නැවත එවැන්නක් සිදු නොවීන සඳහා බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා.
පසු ආපදා ඇස්‍තමේන්තුවක් රජය විසින් සකස් කරනු ඇති බවත් ඉන් සිදු වූ හානිය පිළිබඳ පැහැදිලි පින්තූරයක් ලබා ගැනීමටද හැකියාව ලැබෙනු ඇති බවද ඔහු පවසනවා.
