කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට දැනුම් දී තිබුණේ නම් එම අනතුර පිළිබඳ දැනුම්වත් වී සති දෙකක් නිහඬව සිටි විපක්ෂයට එරෙහිව ද නඩු පැවරිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.

විපක්ෂය විසින් ප්‍රකාශ කරන ආකාරයට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නොවැම්බර් 12 වන දින නිකුත් කරන ලද සුළි කුණාටුවක් පිළිබඳ කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක් රජයට ලැබී නොමැති බවයි ඔහු පවසා ඇත්තේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා, විපක්ෂය ප්‍රකාශ කරන පරිදි අනතුරු ඇඟවීම පිළිබඳව ඔවුන් දැනුවත්ව සිටි බව පැහැදිලි යැයි ප්‍රකාශ කළා.

ඔවුන් ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ මහජන නියෝජිතයන් බැවින් විපක්ෂයටද රජයට සමාන වගකීමක් පවතී.

සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂ දේශපාලන පක්ෂ නොවැම්බර් 12 සිට නොවැම්බර් 26 දක්වා දින 14ක් අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.

එහෙත් ඔවුන්ගෙන් කිසිවෙකු එය පාර්ලිමේන්තුවේදී මතු නොකළ අතර ව්‍යසනය සිදුවන තුරු එය රහසක් ලෙස තබා ගත් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ නිසා නීතිමය පියවර ගත යුත්තේ විපක්ෂයට එරෙහිව මිස රජයට එරෙහිව නොවන බව ද ඔහු පවසා තිබෙනවා.

වැඩිදුරටත් ඔහු සඳහන් කර ඇත්තේ දැනුවත්ව සිටියදී හෙළි නොකිරීම වඩා දරුණු අපරාධය බවයි.

Latest News

More like this

ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු...

විගණකාධිපති පත් කරන ලෙස ජ්‍යාත්‍යන්තර හා දේශීය සංවිධාන 20කින් ජනපතිට බලපෑම්

විගණකාධිපති ධුරය වහාම පුරවන ලෙස ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, ශ්‍රී...

රනිල්, දේශබන්දු සහ හිටපු ජනාධිපති ලේකම්ගේ ඉරණම තීන්දු කරන තීරණාත්මක සාකච්ඡාවක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම බිරිඳගේ ආචාර්ය උපාධි...