ජනපතිගේ ආරක්ෂක රථ පෙළ හදිසියේ වැඩි වුණේ ඇයි

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් රට තුළ ඇති වූ හදිසි ව්‍යසනකාරී තත්ත්වය සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැඩි ලෙස කාර්යබහුල වූ බව රහසක් නොවේ.

එම තත්ත්වය ඇති වූ අවස්ථාවේ සිට ජනාධිපතිවරයා විපතට පත් මිනිසුන්ගේ ජීවිත බේරාගැනීමේ සිට සමස්ත ආපදා කළමනාකරණ ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා තීරණාත්මක මැදිහත් වීමක් කරන ආකාරය දක්නට ලැබුණා.

කෙසේ වෙතත් එම තත්වය ද නොසලකමින් පසු ගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය තුළ නිර්මාණය වූ කතාබහක සඳහන් වුණේ ජනාධිපතිවරයාගේ ආරක්ෂක රථ පෙළ වැඩි වී ඇති බවයි.

ජනාධිපති අනිර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂක රථ පෙළ මුලින් රථ තුනකට සීමා වුවත් එය ක්‍රමානුකූලව වැඩිවෙමින් පවතින බවයි එම විවේචනවලින් කියවුණේ.

එම විවේචනයන්ට ආණ්ඩුවට හිතවාදී යූ ටියුබ් චැනලයක් මෙහෙයවන දේශපාලන විචාරකයකු වන භාරත තෙන්නකෝන් විසින් ප්‍රතිචාර ලබා දී තිබෙනවා.

එම යූ ටියුබ් වැඩසටහන ඔස්සේ භාරත තෙන්නකෝන් පෙන්වා දෙන්නේ අදාළ සියලුම සුඛෝපභෝගී වාහන ජනාධිපතිවරායගේ ආරක්ෂක රථ පෙළට අයත් ඒවා නොවන බවයි.

හදිසි ආපදා තත්තවය හේතුවෙන් ජනාධිපතිවරයාට රට පුරා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට යමින් විවිධ සාකච්ඡා, රැස්වීම්, කමිටු සඳහා සහභාගී වීමට සිදු වී ඇති බවත් ජනාධිපතිවරයාගේ රථ පෙළ පිටුපස යන අනෙක් වාහන එම කමිටු, රැස්වීම් සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් හා අනෙකුත් මැති ඇමතිවරුන්ගේ වාහන විය හැකි බවයි.

එබැවින් මෙම තීරණාත්මක හදිසි අවස්ථාවේ එවැනි දේ බැහැර කර ඔවුන් රට ගොඩනැඟීමට දරන ප්‍රයත්නය වෙනුවෙන් සහාය ලබා දිය යුතු බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙනවා.

Latest News

More like this

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...