අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්, ඊට අදාළ නීති ශක්තිමත් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබෙනවා.

දිවයින පුරා නිවාස 1,000 කට අධික ප්‍රමාණයක් විනාශ කළ දිට්වා සුළි කුණාටුව පිළිබඳ අදහස් පළ කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

එසේ සිදු කිරීමට අපොහොසත් වීම තුළ මීටත් වඩා ව්‍යසනයකට මුහුණ දීමට සිදු වනු ඇති බවඔහු පෙන්වා දී තිබෙනවා.

මේ සඳහා නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා පිහිටුවීමට නියමිත ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ වෙනම ඒකකයක් ස්ථාපිත කරන බවත් එමඟින් මෙම ගැටළු සඳහා දිගුකාලීන විසඳුම් ලබා ගත හැකි බවත් ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ඊයේ (07) පස්වරුවේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හානියට පත් සියලුම පළාත් මාර්ග සහ පළාත් පාලන මාර්ග සම්පූර්ණ ක්‍රියාකාරීත්වයට පත් කර ඉදිරි සති දෙක තුළ ඒවා මහජන භාවිතය සඳහා නැවත විවෘත කරන ලෙස ජනාධිපතිවරයා එහිදී අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ සඳහා දැනටමත් වෙන් කර ඇති ප්‍රතිපාදන උපයෝගී කර ගත යුතු බවත් දෙසැම්බර් 31 වන දිනට පෙර නිම කළ නොහැකි මාර්ග, අවශ්‍ය ප්‍රතිපාදන සමඟ වාර්තා කළ යුතු බවත් ඔහු තවදුරටත් පවසා තිබෙනවා.

Latest News

More like this

ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු...

විගණකාධිපති පත් කරන ලෙස ජ්‍යාත්‍යන්තර හා දේශීය සංවිධාන 20කින් ජනපතිට බලපෑම්

විගණකාධිපති ධුරය වහාම පුරවන ලෙස ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, ශ්‍රී...

රනිල්, දේශබන්දු සහ හිටපු ජනාධිපති ලේකම්ගේ ඉරණම තීන්දු කරන තීරණාත්මක සාකච්ඡාවක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම බිරිඳගේ ආචාර්ය උපාධි...