සමන්ත භද්‍ර රාජ්‍ය ද්‍රෝහියෙක්.. වහාම අත් අඩංගුවට ගන්න – යූ ට්යුබ් සුදා

රට ව්‍යසනයට ලක් වූ මොහොතේ යළි ගොඩනැගීම් වෙනුවෙන් සාමාන්‍ය පොදු මහජනතාවගේ එකදු සතයක් හෝ ලබා නොදැන්නයි ඉල්ලිම් කළ පූජ්‍ය සමන්ත භද්‍ර හිමියන්ට යූ ටියුබ්කරුවකු වන සුදත්ත තිලකසිරි විසින් විරෝධය පළ කර තිබෙනවා.

ඔහු පවසන්නේ බහුතරයක් ජනතාව විපතට පත් වූ මොහොතේ ආධාර ලබා නොදෙන ලෙස ප්‍රකාශ කිරීම රාජ්‍ය ද්‍රෝහි හා දේශ ද්‍රෝහි ක්‍රියාවක් බවත් වහාම රජය මැදිහත් වී අත් අඩංගුවට ගත යුතු බවත්ය.

සුදත්ත තිලකසිරි විසින් පරුෂ වචන ද භාවිත කරමින් උන්වහන්සේ අමතන වීඩියෝවක් මේ වන විට ඔහුගේ යූ ටියුබ් අවකාශයෙහි පළ කර තිබෙනවා.

සමන්ත භද්‍ර හිමියන් යනුවෙන් පෙනී සිටින්නේ මෙතෙක් කිසිවකු විසින් විගණනය නොකරන ලද පට්ටපල් හොරෙකු බවයි ඔහු එහිදී පවසන්නේ.

සමන්ත භද්‍ර හිමියන් විගණනය කිරීමටත් නීතිය ඉදිරියට පමුණුවීමට කටයුතු කරන බවද යූ ටියුබ් සුදා හෙවත් සුදත්ත තිලකසිරි මෙහිදී පවසනවා.

සමන්ත භද්‍ර හිමියන් මීට පෙර රට තුළ මතු වූ ආපාදා තත්ත්වය නිසිලෙස කළමනාකරණය කිරීමට රජය සමත් නොවූ බව ප්‍රකාශ කළ අතර මහජනතාවගේ මුදල් කිසිවක් රජයේ අරමුදල්වලට පරිත්‍යාග නොකරන්නැයි ඉල්ලා සිටියා.

ඒ සඳහා රටේ ප්‍රධාන පක්ෂ හතරෙහි පවතින අරමුදල් භාවිත කළ යුතු බව උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණා.

Latest News

More like this

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...