රුපියල් මිලියන 400 ක ආධාර රැගත් චීන ගුවන් යානය පැමිණේ

ශ්‍රී ලංකාවේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාව සඳහා චීනය විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 400 ක් පමණ වටිනා මානුෂීය ආධාර තොගයක් අද (08) උදෑසන චීන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වී තිබෙනවා.

ෂැංහයි සිට පැමිණි බෝයිං 747-400 දරණ භාණ්ඩ ප්‍රවාහන යානය අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපළට ළඟා වූ බවයි වාර්තා වන්නේ.

මෙම යානයෙන් රැගෙන ආ සහන උපකරණ අතරට ජීවිතාරක්ෂක කබා, ටෙන්ට්, බ්ලැන්කට් සහ ඇඳ ඇතිරිලි ඇතුළත් වන අතර ඒවායේ මුළු බර කිලෝග්‍රෑම් 84,525 කි.

ආධාර ලබා ගැනීම සඳහා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හොං ඇතුළු විශාල දූත පිරිසක් සහභාගී වී සිටියා.

Latest News

More like this

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...

සුළිකුණාටුවෙන් දරුවන් රැසකට දෙමව්පියන් අහිමිවෙලා

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ නායයෑම් සහ ගංවතුර...