ආපදා සහන සැලසීමට චන්ද්‍රිකාගෙන් රු මිලියන 250ක ප්‍රදානයක්

හදීසි ආපදා තත්ත්‍වයෙන් විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා

මෙම ප්‍රදානය හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් අගමැතිනි ආචාර්‍ය හරිනි අමරසූරිය මෙනවිය වෙත අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී පිරිනමනු ලැබුවා.

බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණඩල සාමාජික සාමාජිකාවන් ද මේ අවස්ථාවට සහභාගී වී සිටියා.

Latest News

error: Content is protected !!