ආණ්ඩුව කාලගුණේ ලොක්කන්ගේ කට බැඳලා…

දිට්වා සුළි කුණාටුවෙන් පසු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම තහනම් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබෙනවා.

දිට්වා සුළි කුණාටුව මෙරටට බලපෑමට පෙර නොවැම්බර් 21වැනි දින කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ‘අද දෙරණ Big Focus’ වැඩසටහන ඔස්සේ සුළි කුණාටු තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බව සඳහන් කර තිබුණා.

කුණාටු තත්ත්වයෙන් පසු දෙරණ නාලිකාවේ චතුර අල්විස් පෙන්වා දුන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම තත්ත්වය පූර්වයේ පෙන්වා දුන් බවත් එම අනතුරු ඇඟවුමට අනුව නිසි අයුරින් ක්‍රියාත්මක වූයේ නම් සිදුවූ බරපතල හානිය අවම කරගත හැකිව තිබූ බවයි.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් මෙම සිදුවීම ආණ්ඩුවට පහර දීම සඳහා යොදාගත්තේ ඉන් අනතුරුවය. රජය පාර්ශාවයට මෙම තත්ත්වය යම් පීඩනයක් ඇති කර ඇති බවද පෙනෙන්නට තිබුණා.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ දේශපාලනඥයින් විසින් මේ වන විට පවසමින් සිටින්නේ ආණ්ඩුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිහඬ කර ඇති බවකි.

කෙසේ වෙතත් මේවන විට එම දෙපාර්තමේන්තුවට සෘජුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමේ හැකියාවට යම් සීමාවක් පනවා ඇති බවද වාර්තා වෙනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවට මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කළ හැක්කේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති මාධ්‍ය මධ්‍යස්ථානය තුළින් පමණක් බවයි සඳහන් වන්නේ.

Latest News

More like this

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...