ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන අතරතුර විනාශකාරී ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාව අරගල කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිව්යොර්ක් පදනම් කරගත් Newsweek සඟරාවට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් දෙමින් අනාවරණය කර තිබෙනවා.

එම සාකච්ඡාව අතරතුර ජනාධිපතිවරයා දේශගුණික විපර්යාසවලට ගොදුරු විය හැකි ණය බරින් පෙළෙන රටවල් සඳහා නව ප්‍රවේශයක් ලබා දෙන ලෙසට ජ්‍යාත්‍යන්තර බලධාරීන් වෙත ඉල්ලීමක් ද කරනු ලැබුවා.

නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වයෙන් ශ්‍රී ලාංකිකයින් 600කට අධික පිරිසක් මිය ගිය බවත් 20,000 කට නිවාස අහිමි වූ අතර ඇස්තමේන්තු කර ඇති හානිය ඩොලර් බිලියන ගණනක් බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

“මෙයින් වූ හානිය අපේ දූපත විඳ දරාගෙන ඇති ඕනෑම ස්වභාවික විපතකදී වූ හානියට වැඩියි. එබැවින් දේශගුණික විපත් වලින් නැවත ගොඩනැගෙන අතරම ණය ගෙවීමට ද සිදුව තිබෙනවා.” ජනාධිපතිවරයා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී Newsweek වෙත සඳහන් කර තිබෙනවා. දේශගුණික විපත් ඇති රටවල් සඳහා ණය තිරසාර රාමු වෙනස් විය යුත්තේ ඒ නිසා බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

ශ්‍රී ලංකාව ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඩොලර් බිලියන 25ක ඓතිහාසික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කරන ලද බවත් එහිදී බිලියන 3ක සහනයක් හිමිවූ බව ද ජනාධිපතිවරයා කියා සිටියා.

සුළි කුණාටුවෙන් පසු ‘සාගර් බන්දු මෙහෙයුම’ සමඟින් ඉන්දියාවෙන් ලැබුණු කඩිනම් ආධාර ජනාධිපති දිසානායක මහතා මෙහිදී විශේෂයෙන් සඳහන් කර තිබෙනවා. එමෙන්ම අසල්වැසි පාකිස්තානය සහ මාලදිවයින ද මිල කළ නොහැකි සහයෝගයක් ලබා දුන් බවයි ඔහු සිහිපත් කළේ.

ප්‍රධාන බලවතුන් වන ඉන්දියාව, චීනය සහ එක්සත් ජනපදය සමඟ ඇති සබඳතා සමතුලිත කිරීමක් ලෙස නොදකින බව සඳහන් කළ ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සෑම රටක්ම ශ්‍රී ලංකාවට සුවිශේෂී ලෙස වැදගත් වන බවයි.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් යථා තත්ත්වයට පත්වීම මේ වන විට අනෙකුත් අභියෝගයන්ට වඩා ඉහළින් පවතින බව ජනාධිපති දිසානායක මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා. ආපදා කළමනාකරණ පද්ධති මේ වන විට සමාලෝචනය වෙමින් පවතින බව ද පෙන්වා දුන්නා.

“අපි දැන් ක්‍රියාත්මක නොවන්නේ නම් අපි උගුලක සිර වෙනවා.. මෙම උගුල අප විසින්ම සකස් කර ගත්තක් නොවේ. ගෝලීය විමෝචනය සඳහා ශ්‍රී ලංකාව දක්වන්නේ නොසැලකිය යුතු මට්ටමේ දායකත්වයක්. නමුත් අපට එක රැයකින් වසර ගණනාවක සංවර්ධන ප්‍රගතිය විනාශ කළ හැකි දේශගුණික කම්පනවලට මුහුණ දීමට සිදු වී තිබෙනවා. නමුත් අපි මෙම චක්‍රය බිඳ දැමිය යුතුයි. අපට සෑම ගංවතුරක්ම, සෑම සුළි කුණාටුවක්ම, සෑම නියඟයක්ම අපව නැවත ආරම්භ කළ ස්ථානයටම ගෙන යා මට ඉඩ දිය නොහැකියි.”

එබැවින් මෙම උගුලෙන් මිදීමේ සැලැස්මක් ගොඩනැගීමට උදව් කරන ලෙස අපි අපගේ හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපතිවරයා ජ්‍යාත්‍යන්තර මාධ්‍ය ආයතනය වෙත පවසා තිබෙනවා.

Latest News

More like this

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...