බුදුන්ගේ රස්තියාදුව කෘතියෙන් අපහාසයට එහා අපරාධයක් කරලා..

බුදු දහමට සහ ගෞතම බුදුන් වහන්සේට අපහාසවන බවට ආන්දෝලනයට ලක් වූ බුදුන්ගේ රස්තියාදුව කෘතිය රචනා කළ කේ.කේ ශ්‍රීනාත් යන අයට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් පැවැරූ නඩුව ඊයේ (08) දිනයේ විභාගයට ගැණුනා.

එවකට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතුව සිටියදී මෙම කෘතියට එරෙහිව පැමිණිල්ල සිදු කළ විජයදාස රාජපක්ෂ මහතා එහිදී සාක්ෂි දෙමින් සඳහන් කළේ මෙම කෘතිය බුදුන් වහන්සේට සිදුකළ අපහාසයකට එහා ගිය අපරාධ වරදක් බවයි.

සිදුහත් කුමරුගේ උප්පත්තිය අවඥාවට ලක් කරමින් බුදු රජාණන් වහන්සේ පිළිබඳව සමස්ත ලෝක වාසී බෞද්ධ ජනතාව තුළ කලකිරීමක් ඇතිවන අන්දමින් ලියා ඇති බුදුන්ගේ රස්තියාදුව කෘතිය මඟින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 ආ වගන්තිය උල්ලංඝනය කරන බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එබැවින් අදාළ නීති යටතේ කර්තෘවරයාට දඬුවම් පැමිණ විය යුතු බව ඔහු අධිකරණය හමුවේ කියා සිටියා.

ශ්‍රී ලංකාව බහු ආගම් පිළිගන්නා රටක්ය. එම කවර ආගමක් සම්බන්ධයෙන් හෝ මින් පෙර මෙවැනි කෘතියක් රචනා වී නැති බවයි ඔහු සඳහන් කළේ.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා විත්තියේ සාක්ෂි මෙහෙයවූ අතර විජයදාස රාජපක්ෂ මහතා විත්තියේ සාක්ෂිවලටද ඔහුගේ විරෝධය දැක්වූ බව වාර්තා වුණා.

ඒ අනුව ඔහු සඳහන් කළේ පොත ලියලා තියෙන්නේ සිද්ධාර්ථ කුමාරයා ගැනැ නෙවෙයි වෙනත් සාමාන්‍ය දරුවෙක් පිළිබඳවය යන යෝජනාව කිසිසේත් පිළිගත නොහැකි බවයි.

‘බුදු රජාණන් වහන්සේ රස්තියාදු කාරයෙක් යන්න සමාජගත කරන්න මෙම ග්‍රන්ථය ලියලා තියෙනවා. විත්තිය පවසන තර්කය මගේ දැක්ම නෙවෙයි. මෙතැන නඩුවක් තියෙනවා කියලා පොලිස් දෙපාර්තමේන්තුව දැකලා තියෙනවා. ඒ අනුව මෙම නඩුව පවරා තිබෙනවා. බුද්ධත්වය යන උතුම් තලයට පත් වීමට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරූ බව සඳහන් වෙනවා. මේ කෘතිය අනුව හැම තැනම යන රස්තියාදුකාරයන්ට මේ තලයට පත් වෙන්න පුළුවන්. බුදු හාමුදුරුවන්ගේ ගෞරවය නැති කරලා තියෙනවා.හීන බලලා රහත් වෙන්න බුදු වෙන්න බැහැ. මේක බෞද්ධ දර්ශනය අවඝ්නාවට ලක් කිරීමක්.”

මෙය තමන් විසින් පැවරූ නඩුවක් නොවන බවත් ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව නීතිපතිවරයා විසින් අදාළ කෘතිය මඟින් අපරාධමය වරදක් සංස්ථාපනය වන බවට සනාථ කර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොලිසිය මඟින් ගොනු කළ නඩුවක් යැයි ඔහු වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.

සැකකාර කේ.කේ ශ්‍රීනාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර වැඩි දුර සාක්ෂි විභාගය පෙබරවාරි 18 දිනට නියම කළ බව සඳහන්ය.

Latest News

More like this

නිවාස පිරිසිදු කර ගැනීමේ රු 25,000 ක මුදල ගන්න ආණ්ඩුවේ නිලධාරීන් හතරක් සහතික කරන තෙක් ඉන්න වෙලා

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ඇතිවුණු ආපදා තත්ත්වය හමුවේ විපතට...

ජපානයට 8.0ක මෙගා භූමිකම්පාවක් සිදුවන බවට අනතුරු ඇඟවීමක්..

ජපානයේ කාලගුණ අංශ විසින් රටට ඉක්මණින් බලපෑ හැකි 'මෙගා'...

තවත් කුණාටුවක්.. කාලගුණ දෙපාර්තමේන්තුව හා BBC කියයි

බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වූ කුණාටුවක් ශ්‍රී ලංකාවට ඇතුළු...

ආපදා සහන සැලසීමට චන්ද්‍රිකාගෙන් රු මිලියන 250ක ප්‍රදානයක්

හදීසි ආපදා තත්ත්‍වයෙන් විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා...