තවත් කුණාටුවක්.. කාලගුණ දෙපාර්තමේන්තුව හා BBC කියයි

බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වූ කුණාටුවක් ශ්‍රී ලංකාවට ඇතුළු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබෙනවා.

මේ හේතුවෙන් උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලට මිලිමීටර් 75 ක වර්ෂාපතනයක් ඇති වීමට නියමිත බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

එවැනි වර්ෂාපතනයක් බරපතල නොවුනත් දැනටමත් ජලයෙන් යට වී ඇති ප්‍රදේශවල පවතින තත්ත්වය තවදුරටත් තීව්‍ර කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැනටමත් පීඩාවට පත් ප්‍රදේශවල බලපෑම් තක්සේරු කිරීම සඳහා දෙපාර්තමේන්තුව දැනටමත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බව ද ඔවුන් පවසනවා.

බෙංගාල බොක්ක ප්‍රදේශ්යේ වර්ධනය වන ස්වභාවය කුණාටුවක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාව දෙසට ගසාගෙන යා හැකි අතර එමඟින් වර්ෂාව තීව්‍ර විය හැකි බව BBC පුවත් සේවය ද ඔවුන්ගේ කාලගුණ අනාවැකියෙන් පෙන්වා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා පැවසුවේ ඉදිරි දිනවලදී ඊසානදිග මෝසම් වර්ෂාව සක්‍රීය වුවහොත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි සංවර්ධන අධිකාරිය ජලාශවල ජල මට්ටම් කළමනාකරණය කිරීම සඳහා සූදානම් වන බවයි.

දිට්වා සුළි කුණාටුව මගින් ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන වැව් සහ ජලාශ බොහොමයක් තවමත් පිටාර මට්ටමේ පවතින බවද ඔහු පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මිලිමීටර් 150-200 ට වඩා වැසි ඇද හැලුනහොත් එය අවදානම් වනු ඇති අතර අතිරික්ත ජලය මුදා හැරීමට සහ තත්ත්වය කළමනාකරණය කිරීමට වාරිමාර්ග හා මහවැලි බලධාරීන් සීරුවෙන් සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

Latest News

More like this

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...