ජපානයට 8.0ක මෙගා භූමිකම්පාවක් සිදුවන බවට අනතුරු ඇඟවීමක්..

ජපානයේ කාලගුණ අංශ විසින් රටට ඉක්මණින් බලපෑ හැකි ‘මෙගා’ භූමිකම්පාවක් (megaquake) පිළිබඳ අනතුරු ඇඟවීම් කර තිබෙනවා.

ජපානයේ හොන්ෂු දූපතේ උතුරු දෙසින් පිහිටි අමෝරි වෙරළට ඔබ්බෙන් පැසිෆික් සාගරයේ සඳුදා (08) ඇති වූ රික්ටර් මාපකයේ 7.5 ක භූමිකම්පාවෙන් පසු මෙම ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීම අද (09) සිදු කෙරුණා.

ඒ අනුව එරට බලධාරීන් පැසිෆික් වෙරළ ආසන්නයේ ජීවත් වන ජනතාවගෙන් මෙම සතිය පුරාම අවදියෙන් සිටින ලෙස ඉල්ලා තිබෙනවා. බොහෝ විට ඔවුන්ට නිවෙස්වලින් ඉවත් වීමට සිදුවනු ඇති බවත් කෙටි දැනුම්දීමකින් තම නිවාස හැර යාමට සූදානම් වන ලෙස අනතුරු ඇඟවීම් සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙගා භූමිකම්පාවක් යනු රික්ටර් මාපකයේ 8.0 හෝ ඊට වැඩි අගයක් සටහන් කරනු ලබන භූමිකම්පාවකි. එඑමඟින් ජපානයේ පැසිෆික් වෙරළ තීරය පුරා විශාල සුනාමි ඇති විය හැකි බවට නිලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

2022 වසරේ දී ජපානය මුහුණ දුන් සුනාමි තත්ත්වය හමුවේ අනතුරු ඇඟවීමේ පද්ධතිය දියත් කිරීමෙන් පසු ඉහළම අනතුරු ඇඟවීමක් නිකුත් කළ පළමු අවස්ථාව මෙයයි.

Latest News

More like this

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...

බංගලාදේශයේ පළමු අගමැතිනිය කලීඩා සියා සමුගනී

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි බේගම් කලීඩා සියා අභාවප්‍රාප්ත වී තිබෙනවා....

ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු...