හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට රු. මිලියන 250ක් (රු.කෝටි 25) ක මුදලක් පරිත්‍යාග කිරීම පිටුපස දේශපාලන මෙහෙයුමක් පවතින බවට මේ වන විට කතා බහක් නිර්මාණය වෙමින් පවතී.
ලංකාවට විමුක්තිය උදා කරනු සඳහා විමුක්ති දේශපාලනයට පිවිසෙන බව වසර ගණනාවක සිට නිතර මතු වී නැවත යට යන මාතෘකාවකි.
කෙසේ වෙතත් මෙවර එය තරමක් වෙනස් වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සිදු කළ විශාල පරිත්‍යාගයත් සමඟයි. ජාතික ජන බලවේග ආණ්ඩුව පත් වීමත් සමඟ ඔවුන් ලබාදුන් තීරණාත්මක මැතිවරණ පොරොන්දුවක් වූ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ දී ඇයට ද වරප්‍රසාද රැසක් අහිමි විය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා, ජනාධිපතිධුරයට තරග වදින විටද ඇගේ ආශිර්වාදය යන්තම් හෝ ලැබූ බවක් දක්නට නොලැබිණි. ආණ්ඩුව බලය ගත් විටද කොල්ලො කෙල්ලො ටිකක් බලය අල්ලලා යැයි එය අවතක්සේරු කිරීමට ඇය කටයුතු කරන ආකාරය වාර්තා වුණා.
චන්ද්‍රිකා මැතිනිය රු කෝටි 25ක පරිත්‍යාගය ලබා දුන්නේ එලෙස අවතක්සේරු කළ හරිනි අගමැතිනියගේ අතටයි.
ඉතින් මේ මොහොතේ මෙවැනි විශාල මුදලක් පරිත්‍යාග කිරීම පිටුපස පවතින චන්ද්‍රිකාගේ සද්භාවය අසරණභාවයට පත් මිනිසුන් වෙනුවෙන් නැගුණු අව්‍යාජ හැඟීමක්මද යන්න උභතෝකෝටිකය.
විමුක්ති දේශපාලනයට ගෙන ඒමට ඇගේ සන්තානගත ආශාවේ කොටසක් විය හැකි බවට පළ වන කතාබහ සහ ඒ පිළිබඳ වාර්තා බැහැර කළ නොහැක්කේ එබැවිනි.
වාර්තාවන ආකාරයට විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුම පිටුපස සිටින්නේ චන්ද්‍රිකගේ සමීපතමයකු වන මංගල සමරවීර මහතාගේ මාධ්‍ය මෙහෙයුම් සිදුකළ මෙරට ප්‍රබල දේශපාලන බල පෙරළිවලට මුල් වූ කණ්ඩායමකි.
එම කණ්ඩායම මෙම සිදුවීමට උපරිම ප්‍රචාරයක් ලබා දීමට ද කටයුතු කරන ආකාරය දක්නට ලැබිණි.
එමෙන්ම විමුක්ති මේ දිනවල එංගලන්තයේ සිට සිංහල ඉගෙන ගනිමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වූ බවද මෙහිදී වාර්තා විය. විමුක්ති දේශපාලනයට එන බව තහවුරු වුණේ එම පුවත වාර්තා වීමත් සමඟයි.
වාර්තාවන එම කරුණු සත්‍ය නම් අනුරට, සජිත්ට මෙන්ම නාමල්ට ද එල්ලවන අභියෝගය සුළු පටු නොවනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
