පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා තමා පොළොන්නරවේ රාජ්‍ය නායකයා යැයි හඳුන්වා ගන්නා වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා ඇත්‍තේ උත්සව අවස්ථාවකට එක් වෙමිනි.

එහිදී ආපදා තත්ත්වය හමුවේ පොළොන්නරුව ප්‍රදේශයට බලපෑ ගංවතුර උවදුරින් පීඩාවට පත්වු ජනතාවගේ දේපල මෙන්ම ජිවිත පවතින මට්ටමට ආරක්ෂා ගැනිමට වෙහෙස මහන්සි වු මිනිසුන් වෙත ස්තූති පළ කරමින් ඔහු පවසා තිබුණේ පොළොන්නරුවේ රාජ්‍ය පාලකයා ලෙස ඒ සියලු දෙනාට ස්තූතිවන්ත වන බවකි.

තම ධනය පරිත්‍යාග කරමින් සේවය කළ අය සඳහාද සරත් මහතා මෙහිදි පොළොන්නරුවේ රාජ්‍ය නායකයා ලෙස සිය ස්තුතිය පළ කර තිබුණා.

Latest News

More like this

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...