එන ජනාධිපතිවරණයේ සුදාගේ සහාය මුතුගල සර්ට.. ආණ්ඩුවට පට්ට පතුරු යන්න බැනලා..

මාළිමා ආණ්ඩුවේ හිතවාදියෙකු ලෙස පෙනී සිටින නමුත් එසේ නොවන යූ ටියුබ්කරුවකු වන සුදත්ත තිලකසිරි පසුගිය දා හෙලිකොප්ටරයකින් ආධාර බෙදීම නිසා සමාජ මාධ්‍යවල ප්‍රධාන චරිතයක් වූ දිනේෂ් මුතුගල අමතා ඔහුට සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙනවා.

රටේ ජනප්‍රිය ටියුෂන් ගුරුවරයකු වන මුතුගල සර් පසුගිය දා කළ එම හෙලිකොප්ටර් කැම්පේන් එක සමඟ ඔහු 2029 ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස පැමිණීමට ඉඩ ඇති බවයි වාර්තා වුණේ.

ඒ සමඟ සුදා මුතුගල සර් අමතා ‘මුන් හරියන්නේ නැහැ’ යනුවෙන් කෙළින්ම පවසා ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් වාර්තා වී තිබෙනවා.

මාළිමා හිතවාදියෙකු ලෙස පෙනී සිටින නමුත් එසේ නොවන මාළිමා විවුස්වලින් යූ ටියුබ් අවකාශයේ චැනල් හතරක් පවත්වාගෙන යන මාළිමාවෙන්ම ගොඩ යෑමට උත්සහ කරන සුදා එහිදී මුතුගල සර් සමඟ ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කර ඇති බව එම ආරංචි මාර්ග කියා සිටියා.

මේ අනුව ඉදිරියේදී යූටියුබ් විව්ස් බලාපොරොත්තුවෙන් එළැඹෙන ජනාධිපතිවරණයේ දී මුතුගල සර්ට සහාය දෙන බව පවසා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Latest News

More like this

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...

බංගලාදේශයේ පළමු අගමැතිනිය කලීඩා සියා සමුගනී

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි බේගම් කලීඩා සියා අභාවප්‍රාප්ත වී තිබෙනවා....

ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු...