මුළු මහනුවරම අධි අවදානම් කලාපයක් ලෙස රතු නිවේදන නිකුත් කිරීම ගැන ලාල්කාන්ත හා මනුවර්ණට යකා නැගලා..

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ විස්සම නාය යෑමේ අවදානම් තත්ත්වයේ පසුවන බවට රතු නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කර තිබෙනවා.

එම රතු නිවේදනය මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සාකච්ඡාවට ලක් වී ඇති අතර එහිදී මේ සම්බන්ධයෙන් උණුසුම් කතා බහක් ඇති වූ බව වාර්තා වෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ එම රතු නිවේදනය මහනුවර දිස්ත්‍රික් කමිටුවේ සභාපති හා කරුෂිකර්ම, වාර්මාර්ග, ඉඩම් සහ පශු සම්පත් අමාත්ය කේ.ඩී ලාල් කාන්තගේ දැඉඩි විවේචනයට ලක්ව තිබෙනවා.

එහිදී කෝපයට පත් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළ බවයි සඳහන් වන්නේ.

“මෙම නිවේදනය අනුව මුළු මහනුවරම කොහේ හරි අරන් යන්න ඕන. ඔක්කොම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නම් කරලා තියෙන්නේ. මෙහෙම වාර්තාවක් වැඩක් නැහැ. අපිට කියන්න ඕනෑ නිශ්චිතවම අවදානම තැණ් මොනවද කියලා. නැත්නම් දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලු දෙනා අපහසුතාවට පත් වෙනවා.”

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ඔක්කොම දාලා රතු නිවේදනයක් එව්වට පස්සේ අපි ඔක්කොම අරගෙන යන්න ඕන. මේ නිවේදනය අනුව දිස්ත්‍රික් ලේකම්තුමාට අම්පාරට යන්න පුළුවන්. මට අනුරාධපුරයට යන්න පුළුවන්. ඒත් මුළු මහනුවර ජනතාවම කොහේද යන්නේ?”

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටියේ මෙම නිවේදනය නිසා ඊයේ මුළු නුවරම කලබල වී ඇති බවයි. එබැවින් නිවේදන නිකුත් කිරීමේ දී වඩා සැලකිල්ලෙන් එය සිදු කරන ලෙස ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙත්තත් මෙම නිවේදනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ ඔවුන් රතු නිවේදන නිකුත් කරනු ලබන්නේ අනත්‍රජාතික මට්ටමේ පිළිගත් විද්‍යානුකූල ක්‍රමවේදයකට අනුව බවයි.

මෙහිදී සංවිධානය අධීක්ශණැය කර ඇති ආකාරයට අධි අවදානම් ස්ථාන 15,000ක් පමණ හඳුනා ගෙන ඇති අතර එයින් 2000කට වැඩි ප්‍රමාණෞඅක් මහනුවර දිස්ත්‍රික්කයට අයත් ඒවාය.

දැනට ඉවත් කිරීම් සිදු කරන්නේ එම ස්ථාන 2000 වන අතර අනෙක් තැන් එසේ නොවන බව කීමට හැකියාවක් නැතැයි එම සංවිධානය පෙන්වා දුන්නා.

මෙම අවදානම් තත්ත්වය පිළිබඳ මහජනතාව දැනුමවත් කිරීම තමන්ගේ වගකීම බවද මෙම නිලධාරීන් පවසා තිබෙනවා.

Latest News

More like this

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...

බංගලාදේශයේ පළමු අගමැතිනිය කලීඩා සියා සමුගනී

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි බේගම් කලීඩා සියා අභාවප්‍රාප්ත වී තිබෙනවා....

ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු...