ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම වසරට අදාළව රජය ලබා දී ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් අදාළ සියලු ප්‍රතිසංස්කරණ මෙම දෙසැම්බර් 31 වැනිදාට පෙර නිම කරන ලෙසත් එම ප්‍රතිපාදන කිසිසේත් ආපසු හරව එවීමට කටයුතු නොකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
ජනතාවට සහන සැලසීමට සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රතිපාදනවල කිසිදු හිඟයක් නැතැයි ද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටුව ඊයේ (10) සහභාගී වූ අවස්ථාවේදීය.
ජනතාව යළි පදිංචි කිරීම්වලදී නිසි අධීක්ෂණයකින් කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීම වන අතර රජයේ අරමුණ සෑම පුරවැසියකුටම සුරක්ෂිත ජීවිතයක් ලබා දීම බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
