Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත ගොඩනැගීම සඳහා දියත් කරන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට දේශීය පරිත්‍යාගශීලීන්ගෙන්, විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ගෙන් සහ විවිධ සංවිධානවලින් රුපියල් මිලියන 1,893 ක මූල්‍ය ආධාර ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා.

බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ දේපළවලට වන්දි ගෙවීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ප්‍රධානත්වයෙන් සියලුම රක්ෂණ සමාගම්වල ප්‍රධානීන් සහභාගී වූ රැස්වීමක් කැඳවූ බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

ආචාර්ය සූරියප්පෙරුම මහතාට අනුව, සුළි කුණාටුවෙන් ඇති වූ හානියට පත් ව්‍යාපාර, දේපළ සහ ජීවිත හානි සඳහා කඩිනම් වන්දි ලබා දීමේ ක්‍රියාවලිය සියලුම රක්ෂණ සමාගම් දැනටමත් ආරම්භ කර තිබෙනවා.

වැඩසටහන යටතේ, සුළු දේපළ හානි සඳහා වන්දි ගෙවීම් දැනටමත් ආරම්භ කර ඇති අතර රක්ෂණ සමාගම් නියෝජිතයින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය තොරතුරු රැස් කර සත්‍යාපනය කිරීමෙන් පසු පුළුල් දේපළ හානි සඳහා වන්දි ගෙවන බවයි.

හැකි සෑම අවස්ථාවකම ගෙවීමෙන් කොටසක් වහාම නිදහස් කරන බව ද එම රක්ෂණ සමාගම් නියෝජිතයන් දන්වා ඇති බව ආචාර්ය සූරියප්පෙරුම මහතා සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...