ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ ආපදා තොරතුරු කේන්ද්‍රයක් ඊයේ (10) ආරම්භ කෙරුණා.

මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ අරමුණ වන්නේ අපදාවෙන් විපතට පත් සියලු දෙනාට යම් සහනයක් ලබා දීමයි.

රජයෙන් ජනතාව වෙත ලබාදෙන ආධාර නොදැනුවත්කම, දේශපාලන කාරණා ආදී හේතු නිසා නොලැබී යාමේ තත්ත්වයක් පවතින නිසා මෙවැනි ගැටළු පවතින අයට එම ගැටළු ඉදිරිපත් කිරීමේ අරමුණ ඇතිව මෙම මධ්‍යස්ථානය ආරම්භ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මේ අනුව ඉදිරියේදී ආධාර නොලැබුණු පාර්ශවයන් සහ රාජ්‍ය පාර්ශවයන් ඇතුළු ස්වේච්ඡා සංවිධාන මෙම මධ්‍යස්ථානය මගින් සම්බන්ධීකරණය කිරීමට නියමිතය.

මුදල් ප්‍රසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති සහන චක්‍රලේඛය නිරීක්ෂණය කර ප්‍රතිලාභීන් සහ සංවිධාන ජාල එකිනෙක සම්බන්ධ කර සහන කටයුතු විධිමත්ව සිදුකිරීමට මැදිහත්වීම මෙමගින් සිදු කෙරෙනවා.

ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්,සමෘද්ධි නිලධාරීන් හා ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ නිර්දේශ මත පමණක් ප්‍රතිලාභ අදාළ පාර්ශවයන්ට ලැබිය යුතු බව රජය සඳහන් කළ ද ඇතැම් දේශපාලනකරණීය වු කමිටුවල නිර්දේශයද එම සහන ලබා ගැනීමට අවශ්‍යවී ඇති බව විපක්ෂ නායකවරයා සඳහන් කර තිබෙනවා.

සමාජ සේවා අමාත්‍යංශය යටතේ සමාජ ප්‍රතිලාභ පනතක් ඇති බවත් කිසිම අයෙකුට ආකාර දෙකකට සැලකීම මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කිරීමක් බවත් මේ ගැන ජනතාවට අවබෝධයක් නොමැති නිසා ඔවුන්ට ඒ දැනුම ලබා දීමට කටයුතු කරන ලෙස ඔහු ආපදා තොරතුරු කේන්ද්‍රය වෙත උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...