වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots චිත්‍රපටයේ දෙවැනි කොටස රූ ගත කිරීමට මේ වන විට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වර්තා කිහිපයක් තහවුරු කර තිබෙනවා.

රාජ්කුමාර් හිරානි විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සුප්‍රසිද්ධ චිත්‍රපටය ප්‍රේක්ෂකයින්ගේ මනසට ගැඹුරු බලපෑමක් ඇති කළ අතර රසිකයින් සහ විචාරකයින් යන දෙපිරිස අතරම පුළුල් ලෙස ඇගයීමට පාත්‍ර වුණා.

වඩාත් සුවිශේෂීම කාරණාව වන්නේ එහි දෙවැනි අදියර සඳහා ද පළමු චිත්‍රපටයේ නළු නිළියන් සහභාගී කර ගැනීමට නිෂ්පාදක කණ්ඩායම තීරණය කර තිබීමයි.

මේ අනුව අමීර් ඛාන් සහ කරීනා කපූර් නැවත තිරයේ එකට දැකීමටත් ආර්. මාධවන් හා ෂර්මන් ජෝෂි ඇතුළු 3 Idiots චිත්‍රපටයේ ප්‍රියතම චරිත නිරූපනය කළ නළුවන්ගේ රංගනය දැක ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලැබීමට නියමිතයි.

එය පළමු චිත්‍රපටය තරම්ම චිත්තාකර්ශනීය, ගැඹුරු, හාස්‍යජනක හා අර්ථවත් වනු ඇති බවයි පැවසෙන්නේ.

3 Idiots චිත්‍රපටය බොලිවුඩයේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටවලින් එකක් ලෙස පවතී. එය ඉන්දීය රුපියල් කොටි 460ක අදායමක් උපයා ගැනීමට සමත්ව තිබුණා.

Latest News

More like this

BTS ඉන්දියාවට…

ලෝක ප්‍රකට K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළැඹෙන 2026...

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...