ගම්පහම යට වුණ හේතුව කාදිනල් හිමි අනාවරණය කරයි

පසුගිය ගංවතුර කාල සීමාවේදී ගම්පහ නගරය ජලයෙන් යටවීමට හේතුව මුතුරාජවෙල තෙත්බිම් අනවසරයෙන් ගොඩකිරීම බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් අනාවරණය කර තිබෙනවා.

ඇතැම් ධනවතුන් සහ සමහර ඇතැම් සමාගම් විසින් රාජ්‍ය ආයතනවල බලය මේසයට යටින් ලබා ගෙන මුතුරාජවෙල තෙත්බිම් ගොඩ කරමින් සිටින බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

ආපදාවට ලක්වූවන් සිහිපත් කිරීම සඳහා ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් දේවස්ථානයේ පැවති දේව මෙහෙයකදී අදහස් පල කරමින්, මුතුරාජවෙල තෙත්බිම් අනවසරයෙන් ගොඩකිරීම නවත්වන ලෙසට උන්වහන්සේ මෙහිදී රජයෙන් විශේෂ ඉල්ලීමක්ද කරනු ලැබුවා.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ,

“මුතුරජවෙල කියන්නේ කොළඹට උතුරින් තියෙන මහා සම්පතක්. ඒ මුතුරාජවෙල හරහා තමයි කැළණි ගඟ, අත්තනගලු ඔය, ජාඇල, මාඔය වගේ ගංගාවලින් එන අතුගංඟාවලින් එන ජලය මුහුදට බසින්නේ මෙන්න මේ සම්පත හරහා. නමුත් අද මම මේ කතා කරන වෙලාවේ මේ සම්පත සමහර ධනවතුන්, විශේෂයෙන් සමාගම් අයිතිකරුවන් එය ගොඩකරමින් සිනවා. රාජ්‍ය ආයතනවල බලය මේසයට යටින් ලබාගෙන ගොඩකරමින් සිටිනවා. අද මීගමුව කලපුව සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික්වලින් පිරිලා. මේ ප්ලාස්ටික් අපි විසි කරපු ඒවා. අපි ගඟට හලපු ඒවා. ඒවා ගිහිල්ලා හිරවෙච්ච නිසා අද මේ මං කතාකරන වෙලාවෙදී මුතුරාජවෙල ප්‍රදේශයේ ගෙවල් තාමත් යට වෙලා වතුර බහින්නේ නැතුව තියෙනවා. මොකද ඔක්කොම පිරිලා. අපි කවදාවත් ඇහුවේ නෑ ගම්පහ නගරය වතුරට යට වෙනවා කියලා. ගම්පහ නගරය වතුරට යට වෙන්නේ මුතුරාජවෙල පිරිලා තියෙන නිස. ඒ නිසා මම රජයෙන් විශේෂ ඉල්ලීමක් කරනවා මේ වෙලාවෙදී මුතුරාජවෙල පිරිසිදු කරන්නට වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා…”

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...