සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්

ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන් පසු සහන සහ වන්දි බෙදා හැරීමේ කටයුතුවල නියැලී සිටින නිලධාරීන් විවිධ අංශවලින් පීඩනයට ලක්ව ඇති බව වාර්තා වී තිබෙනවා.

විශේෂයෙන් වගාවන්, පශු සම්පත් හා කුඩා ව්‍යාපාරවලට සිදු වූ හානි සඳහා වන්දි බෙදා හැරීමේදී ඔවුන් කෙරෙහි වන පීඩනය උත්සන්න වී ඇති බව සහන බෙදාහැරීම්වලට සමීප ආරංචි මාර්ග පවසනවා.

රජය මේ වන විට පැහැදිලි මාර්ගෝපදේශ නිකුත් කර තිබියදී පවා තමන්ට හිමි නොවන ගෙවීම් ඉල්ලා සිටින පුද්ගලයින්ගෙන් ක්ෂේත්‍ර නිලධාරීන්ට දිනපතා දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බවයි එම මූලාශ්‍ර සඳහන් කරන්නේ.

රජය මෑතකදී මේ සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍රලේඛයට අනුව, පශු සම්පත් පාඩු සඳහා වෙන් කර ඇති රුපියල් 20,000 වන්දි ලබා ගැනීමට සුදුසුකම් ලබන්නේ ලියාපදිංචි පශු සම්පත් ගොවිපළවල් පමණි. කෙසේ වෙතත්, නිලධාරීන් පවසන ආකාරයට ලියාපදිංචි නොකළ ගොවිපළ හිමියන්ගෙන්ද එම වන්දි මුදල සඳහා විශාල බලපෑමක් එල්ල වෙමින් පවතිනවා.

චක්‍රලේඛය අනුව භෝග සඳහා හානිවලදී වී, ධාන්‍ය, බඩ ඉරිඟු සහ අනෙකුත් ක්ෂේත්‍ර භෝග නැවත වගා කිරීම සඳහා රුපියල් 15,000 ක් ලබා දිය යුතුය. එහෙත් වෙනත් වගාවන්හි නියැලී සිටින ගොවීන් විසින් ද සමාන වන්දි ගෙවීමක් ඉල්ලා සිටීම නිසා ගැටුමක් නිර්මාණය වී තිබෙනවා.

මෙම අර්බුදයට මුහුණ දුන් නිලධාරීන් විසින් රජයේ වගකිව යුතු බලධාරීන්ට මේ බව වාර්තා කිරීමෙන් පසු ඔවුන් ලබා දී ඇති පිළිතුර වන්නේ හැකි තාක් චක්‍රලේඛය මත සිට මිත්‍රශීලීව කටයුතු කරන්න යන්නයි.

මෙම මාසය අවසන් වීමට පෙර සහන සහ වන්දි ක්‍රියාවලිය සම්පූර්ණ කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති පසුබිමක මෙම තත්වය වාර්තා වන අතර නිලධාරීන් මේ අනුව රාජ්‍ය නීති, චක්‍රලේඛ සහ මිනිසුන්ගේ ඉල්ලීම් අතර සිරවී ඇති බව යි පැවසෙන්නේ. විශේෂයෙන් ග්‍රාම නිලධාරීන්ද මෙම පීඩනයට හසු වී සිටින අතර ආධාර බෙදා හැරීමට සහ තාවකාලික නවාතැන් කළමනාකරණයට බලපෑම් කිරීමට උත්සාහ කරන විවිධ දේශපාලන කණ්ඩායම්වලින් ද පීඩනය පැමිණෙන බව වැඩිදුරටත් වාර්තා වී තිබෙනවා.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...