දිලිත්ගේ දෙරණ අමෙරිකානු සුපර් හර්කියුලිස් ගුවන් යානයකින් උතුරට

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ විපතට පත්වූ ජනතාවට සහන රැගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරට අයත් දෙරණ නාලිකාව අද (11) යාපනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අමෙරිකානු ගුවන් හමුදාවේ C-130J සුපර් හර්කියුලිස් ගුවන්යානයකින්.

අද දෙරණ නාලිකාව මනුසත් දෙරණ වැඩසටහන ඔස්සේ දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් වූවන් වෙනුවෙන් මුල සිටම මෙම ආධාර බෙදා දීම් සිදු කළ ආකාරය දක්නට ලැබුණා. ඒ සඳහා ගොඩබිමෙන් ළඟා විය හැකි සෑම ස්ථානයකටම ලොරි රථ, ට්‍රක් රථ හා ජීප් රථ පවා යොදාගනිමින් ගමන් කළ බව එහි නිවේදකයකු වන චතුර අල්විස් පවසා තිබෙනවා.

එම මෙහෙයුමේම තවත් අදියරක් ලෙස අද දින මේ වන තෙක් අවධානයට ලක් නොවූ උතුරු ප්‍රදේශයේ ගොඩ බිමෙන් යාමට නොහැකි ප්‍රදේශවලට මෙම ආධාර තොගය රැගෙන යන බවයි ඔහු පවසන්නේ.

ඒ සඳහා අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියගේ සහයෝගය ලබා ගනිමින් අමෙරිකානු ගුවන් හමුදාවට අයත් C-130J සුපර් හර්කියුලිස් ගුවන්යානය යොදාගන්නා බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගෙන්, තානාපති කාර්යාල මඟින් සහ ආදරණීය ජනතාව විසින් මනුසත් දෙරණට ලබාදුන් පරිත්‍යාග මෙලෙස අද දිනයේ උතුරේ ජනතාවට බෙදාදීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

පසුගිය දා ලංකාවේ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයකු වන දිනේෂ් මුතුගල මහතා ද ආධාර තොගයක් රැගෙන මේ ආකාරයෙන් ගුවනින් කොත්මලේ ප්‍රදේශයට ගිය අතර එය සමාජ මාධ්‍යවල විශාල ආන්දෝලනයකට හේතුවුණා.

Latest News

More like this

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට...

සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්

ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන්...

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...