ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට කඩිනමින් ඇමරිකානු වීසා ලබා දීමේ යෝජනා ක්‍රමයක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දියත් කර තිබෙනවා.

මෙම නව වීසා කාඩ් පත මඟින් විදේශිකයන්ට ඔවුන්ගේ වීසා අයදුම්පත ඩොලර් මිලියන 1 ක් ගෙවා කඩිනම් කර ගැනීමේ හැකියාව පවතී. විදේශීය සේවකයෙකුට අනුග්‍රහය දැක්වීමට අවශ්‍ය නම් අදාළ සමාගමට ඩොලර් මිලියන 2 ක් ගෙවීමෙන් එම ක්‍රියාවලිය ඉක්මන් කර ගත හැකි අයුරින් මෙම නව සංක්‍රමණ නීතිය සංශෝධනය වී ඇති බවයි සඳහන් වන්නේ. මෙම කාඩ්පත සුදුසුකම් සැපිරූ හා සහ පරීක්ෂා කරන ලද පුද්ගලයින් සඳහා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා සෘජු ප්‍රවේශයකි.

මෙම වසර මුලදී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද මෙම ‘Gold Card’ වීසා යෝජනා ක්‍රමයේ නිල වෙබ් අඩවියට අනුව රටට “සැලකිය යුතු ප්‍රතිලාභයක්” ලබා දෙන බව පෙන්නුම් කළ හැකි අයට මෙම වීසා බලපත්‍රය ප්‍රදානය කරනු ලබනවා.

ට්‍රම්ප් පරිපාලනය විසින් මෙම නව නීතිය හඳුන්වා දෙනු ලබන්නේ එක් පසෙකින් රැකියා වීසා ගාස්තු ඉහළ නැංවීම සහ ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම ඇතුළු සංක්‍රමණ මර්දනයක් ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතකයි.

trumpcard.gov වීසා වෙබ් අඩවිය බදාදා (10) පස්වරුවේ දියත් කරන ලද අතර නිල අයදුම්පතේ සබැඳියක් ද එහි ඇතුළත්ය.

අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් පසු එම ක්‍රියාවලියට සති කිහිපයක් ගත වන අතර සම්මුඛ පරීක්ෂණයක් ද ඇතුළත් බව වෙබ් අඩවිය පෙන්වා දී තිබෙනවා.

සාර්ථක අයදුම්කරුවෙකුට EB-1 හෝ EB-2 වීසා දරන්නෙකු ලෙස නීත්‍යානුකූල ස්ථිර පදිංචිය ලැබෙනු ඇති බවයි එහි සඳහන් වන්නේ.

Latest News

More like this

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

දිලිත්ගේ දෙරණ අමෙරිකානු සුපර් හර්කියුලිස් ගුවන් යානයකින් උතුරට

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ විපතට පත්වූ ජනතාවට සහන රැගෙන...

සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්

ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන්...

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...