අපාදාවට ලක් වූ ජනතාවට සහන ලබා දීමේ ක්‍රියාවලිය මුළුමනින්ම නිර්දේශපාලනීකරණය විය යුතු බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සහනාධාර ලබා ගැනීමේ දී ප්‍රජා ශක්ති කමිටුවල නිර්දේශය ලබා ගැනීම අනිවාර්ය බව ජාතික ජන බලවේගයේ ප්‍රබල අමාත්‍යවරයකු විසින් කළ ප්‍රකාශය අනුව එම ක්‍රියාවලිය කෙතරම් දේශපාලනීකරණය වී ඇත්දැයි තහවුරු වන බව ද ඔහු සඳහන් කරනු ලැබුවා.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය විමසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි. අදාළ සහනාධාර ලබා ගැනීමේදී නිර්දේශ ලබාගත යුත්තේ රාජ්‍ය යාන්ත්‍රණයේ නිලධාන්ගෙන් පමණක් බව ඔහු ප්‍රකාශ කළේ මෙසේය.
‘ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි, ආපදා කලමණාකරන නිලධාරි,සමෘද්ධි සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම නිලධාරි, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් වශයෙන් රාජ්‍ය නිලධාරි යාන්ත්‍රණයක් තියෙනවා. ඒ රාජ්‍ය නිලධාරීන් තමයි නිර්දේශ ලබා දෙන්න ඕන. එහෙම නැතුව සිවිල් පුරවැසියන්ගේ නිර්දේශ අවශ්‍ය වන්නේ නැහැ. කවුරුහරි එහෙම නිර්දේශ අවශ්‍ය බව කියනවානම් ඒ සහන ක්‍රියාවලියම වෙන අතකට ගෙන යාමට කරන උත්සහයක් ලෙසයි අපි දකින්නේ.”
