මුට්ටිවලට සිනාසී.. වට්ටි උස්සන් යන නලින්ද හා කොට්ටහච්චි

මිථ්‍යා දෘෂ්ටීන් පරදා විද්‍යානුකූල පාලනයක් රටට අවශ්‍ය බව පුන පුනා ප්‍රකාශ කළ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මේ වන විට රට පාලනය කරමින් සිටියි.

මේ ඒ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති හා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වන නලින්ද ජයතිස්ස හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චිය.

පසුගිය කොවිඩ් වසංගතය වකවානුවේ මිනිසුන් දහස් ගණනින් මිය යද්දී එවකට සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ පවිත්‍රා වන්නිආරච්චි කොහේදෝ පාලමක් උඩින් මුට්ටියක් ගඟට වීසි කිරීම උපහාසයට ලක් කළේ මේ කණ්‍ඩායමයි.

දිලිත් ජයවීරගේ දෙරණ නාලිකාවෙන් ධම්මික පැණිය ලෙස හැඳින්වූ අරිෂ්ට පඩංගුවක් ප්‍රමෝට් කරන විට කිණ්ඩි දැම්මේද මොවුන්මය.

දිට්වා සුළි කුණාටුව බොහෝ මිනිසුන්ට ඔවුන් සතු සියලු දේ නැති කර හමාරය. සෞඛ්‍ය ඇමති නලින්දත් කොට්ටහච්චිත් පානදුර ශ්‍රී කන්දසාමි කෝවිලට වට්ටි උස්සාගෙන ගොස් දෙවියන්ගෙන් සෙත් ඉල්ලා තිබේ.

පවිත්‍රා මුට්ටි අත ඇරීම ම්ථ්‍යාවක් නම් වට්‍ටි උස්සන් යාමත් මිථ්‍යාවමය.

එල්ලෙන්න වැලක් නැති මිනිස්සු තුත්තිරි ගස් පවා වැල් කියා එල්ලෙති. ජීවිතය ගැන අන්තිම බලාපොරොත්තුවත් ගිලිහී යන බව දකින විට මිනිස්සු ගස් ගල් පවා වන්දනාමාන කිරීම සාධාරණය.

එහෙත් සියලු මිථ්‍යා දෘෂ්ටික මතවලට බඩ පැලෙනකල් සිනාසී වට්ටි උස්සාගෙන යාම නම් විද්‍යානුකූල පාලනයකට තරම් නොවේ.

Latest News

More like this

ඇමරිකානු උප රාජ්‍ය ලේකම් ඇලිසන් අනුරට දෙන්න පොරොන්දු වුණු වටිනාම දේ

ශ්‍රී ලංකාව හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවේ...

සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය කරන්න.. සජිත් ඉල්ලයි

අපාදාවට ලක් වූ ජනතාවට සහන ලබා දීමේ ක්‍රියාවලිය මුළුමනින්ම...

නාය ගිහින් පැළුණු තැන්වලට පස් දමා කොටලා තද කළ විට අවදානම පහ වෙනවා.. සමන්ත විද්‍යාරත්න

ආපදා තත්ත්වය හමුවේ නාය ගිය ස්ථානවල පැලුණු භූ පැලුම්වලට...

ගම්පහම යට වුණ හේතුව කාදිනල් හිමි අනාවරණය කරයි

පසුගිය ගංවතුර කාල සීමාවේදී ගම්පහ නගරය ජලයෙන් යටවීමට හේතුව...