ඇමරිකානු උප රාජ්‍ය ලේකම් ඇලිසන් අනුරට දෙන්න පොරොන්දු වුණු වටිනාම දේ

ශ්‍රී ලංකාව හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවේ අත්‍යාවශ්‍ය තීරණාත්මක හමුවක් ඊයේ (11) සිදු වුණා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් (Alison Hooker) මහත්මිය අතරයි.

එය මේ මොහොතේ අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ රටවල අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමු කර ගැනීමට හැකි ආකාරයේ බලවත් හමුවකි.

විශේෂයෙන් පසුගිය දා මුහුණ දුන් ස්වභාවික ව්‍යසනය සමඟ ශ්‍රී ලංකාවට හිසරදයක් වී තිබූ අමෙරිකාවේ තීරු බදු ප්‍රතිපත්තිය නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටීමට මෙය අවස්ථාවක් කර ගත හැකි නිසාය.

එහිදී අමෙරිකානු උප රාජ්‍ය ලේකම්වරිය පවසා තිබුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ගොඩනැගීමට හැකි වනු ඇති බවට දැඩි විශ්වාසයක් පවතින බවයි.

ඒ සඳහා අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට ඇමෙරිකාව සූදානමින් සිටින බව ඇය පවසා තිබෙනවා.

විශේෂයෙන්ම එක්සත් ජනපද තීරු බදු පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබඳ අවධානය යොමු කර තිබෙන බවයි ඇය පවසා ඇත්තේ.

එය ශ්‍රී ලංකාව දිනා ගැනීමට සටන් කරමින් සිටි හා මේ මොහොතේ එක්සත් ජනපදයෙන් ලැබිය හැකි වටිනාම සහනයයි.

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සංචාර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ දෙරට අතර වෙළඳ හා නාවික කටයුතු පුළුල් කර ගැනීම වෙනුවෙන් සහාය ලබා දීමට කටයුතු කරන බව ඇය මෙහිදී සහතික වී තිබෙනවා.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවෙළට සිය සහාය ලබා දෙන බවද ඇය ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවට මෙම ව්‍යසනයට මුහුණ දීමට සිදුවූයේ රටේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට ගෙන එමින් ආර්ථික දර්ශක ද ඉහළ නංවා ගනිමින් සිටින මොහොතක බවයි.

මෙම අසීරු අවස්ථාවේ විවිධ සහනාධාර සහ සහන කණ්ඩායම් මෙරටට එවමින් ඇමරිකා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැක්වූ සහය වෙනුවෙන් මෙහිදී ස්තුතිය පළ කිරීමටද ජනාධිපතිවරයා කටයුතු කර තිබුණා.

Latest News

More like this

රන්වල අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ජාතික රෝහලට..

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල අත්අඩංගුවට ගැනීම...

මුට්ටිවලට සිනාසී.. වට්ටි උස්සන් යන නලින්ද හා කොට්ටහච්චි

මිථ්‍යා දෘෂ්ටීන් පරදා විද්‍යානුකූල පාලනයක් රටට අවශ්‍ය බව පුන...

සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය කරන්න.. සජිත් ඉල්ලයි

අපාදාවට ලක් වූ ජනතාවට සහන ලබා දීමේ ක්‍රියාවලිය මුළුමනින්ම...

නාය ගිහින් පැළුණු තැන්වලට පස් දමා කොටලා තද කළ විට අවදානම පහ වෙනවා.. සමන්ත විද්‍යාරත්න

ආපදා තත්ත්වය හමුවේ නාය ගිය ස්ථානවල පැලුණු භූ පැලුම්වලට...