බීලා හිටපු කීප දෙනෙක් එක්ක තුවාල වූ අය රෝහලට යැව්වා. ඒකයි මගේ ළඟත් ගඳ එන්නේ.. රන්වල කියලා

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කතානායක අශෝක රන්වල මහතා පදවාගෙන ගිය ජීප් රථය මෝටර් රථයක ගැටී වයස අවුරුදු එකක බිළිඳෙකු හා කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙනවා.

මන්ත්‍රීවරයාගේ ජීප් රියේ ගැටුණු මෝටර් රථය කාන්තාවක විසින් පදවාගෙන ආ බවටයි තොරතුරු වන්නේ.

අනතුරින් තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද කිරිබත්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර කාන්තාවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලටත් කුඩා දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහලටත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ (11) සවස දෙනියමුල්ල දෙස සිට ගිමො හන්දිය දක්වා ජීප් රථය පදවාගෙන යද්දී මුලින්ම යතුරු පැදියක ගැටී ඇති බව පොලිසිය පවසනවා.

එම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහු පදවාගෙන ජීප් රථය දකුණු පසට හැරවීමේදී ඩිමෝ හන්දිය දෙස සිට දෙනියමුල්ල දෙසට ධාවනට වූ කාර් රථය ගැටී ඇති බව පෙනී යන බවයි පොලිසිය වැඩිදුරටත් පවසා ඇත්තේ. එමෙන්ම පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට කිරිබත්ගොඩ මූලික රෝහලට ඇතුළත් කරනු ලැබූ මන්ත්‍රීවරයා කොළඹ යන බව පවසා සිය කැමැත්තෙන්ම රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

මේ අතර අනතුරට ලක් වූ මෝටර් රථයේ ගමන් කළ අයගේ ඥාතියකු බව කියන පුද්ගලයකු සමාජ මාධ්‍යයන් හි ලියූ සටහනක් හා කාන්තාවන් කිහිප දෙනෙකු හඬා වැටෙන රෝහලක ඇතුළත දර්ශන ඇතුලත් වීඩියෝ පටයක් ද මේ වන විට සංසරණය වෙමින් පවතී.එම වීඩියෝවේ රෝද පුටුවක වාඩි වීසිටින අශෝක රන්වල මන්ත්‍රීවරයාද දැකගත හැකියි.

අදාළ සටහනට අනුව බිළිඳාගේ හිසට තුවාල සිදුවී ඇති අතර මන්ත්‍රීවරයාගේ නීතිඥයකු කියාගන්නා පුද්ගලයකු පැමිණ එම පවුලේ අය සමඟ මෙය ගොඩින් බේරා ගනිමු යැයි පවසා තිබෙනවා.

එමෙන්ම මන්ත්‍රීවරයාද දරුවාගේ පියා සමඟ කතා කර ‘මගෙන් පොඩි අත් වැරැද්දක් වුණා’ යනුවෙන් පවසා ඇති බවයි එහි දැක්වෙන්නේ.

මන්‍ත්‍රීවරයා බීමතින් රිය පදවා ඇති බවද එම සටහනෙහි දැක්වෙනවා. “බීලා හිටපු අය කීප දෙනෙක් එක්ක තුවාල වෙලා හිටි අයව රෝහලට යැව්වා. ඒ අයගේ අරක්කු ගඳ වෙන්න ඇති මගේ ඇඟෙන් එන්නේ” මන්ත්‍රී රන්වල එසේ පවසා ඇති බවට වාර්තා ද මේ වන විට සමාජ මාධ්‍ය වල දැකගත හැකියි.

Latest News

More like this

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට...

දිලිත්ගේ දෙරණ අමෙරිකානු සුපර් හර්කියුලිස් ගුවන් යානයකින් උතුරට

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ විපතට පත්වූ ජනතාවට සහන රැගෙන...