ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් ජාතික රෝහලට ගොස් සිටින බව සපුගස්කන්ද පොලිසිය පවසනවා.
සපුගස්කන්ද, දෙනිමුල්ල මංසන්ධියේදී ඊයේ (දෙසැම්බර් 11) සිදුවූ රිය අනතුරෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.
සපුගස්කන්ද පොලිසියේ පොලිස් නිලධාරියෙකු මාධ්‍ය වෙත සඳහන් කළ ආකාරයට ඊයේ දිනයේ රාත්‍රී 7.45ට පමණ මන්ත්‍රීවරයා පැදවූ ජීප් රථය මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කුඩා දරුවෙකු හා කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලැබූ බවටයි වාර්තා පළ වුණේ.
එහිදී තුවාල ලැබූ කුඩා දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඉතිරි දෙදෙනා සහ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර යවා ඇති බව එම පොලිස් ස්ථානය පවසනවා.
එම අවස්ථාවේදී ආසෝක රන්වල මන්ත්‍රීවරයා රිය පදවා ඇත්තේ බීමතින්දැයි මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් පොලිසිය පවසා ඇත්තේ එය වැඩි දුරටත් පරීක්ෂා කළ යුතු බවයි.
