මන්ත්‍රී රන්වල වරදක් කර ඇත්නම් පදවිය, තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

නීතිය සැමට සමාන වන අතර නීතිය පවතින්නේ සැමට ඉහළින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය අනතුරක් සිදු කර ඇත්නම් තනතුර, තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.කේ. වුට්ලර් මහතා පවසනවා.

සපුගස්කන්ද, දෙනිමුල්ල මංසන්ධියේදී ඊයේ (දෙසැම්බර් 11) සිදුවූ රිය අනතුරෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහු ප්‍රතිකාර ලබමින් සිටි නිසා පොලිස් නිලධාරින් දෙදෙනෙක් එම ස්ථානයට ගිය ද ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නොහැකි වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

අද (12) පැවති මාධ්‍ය හමුවක් අතර මේ බව සඳහන් කළ වුට්ලර් මහතාගෙන් මාධ්‍ය විමසුවේ ඔහු එම අවස්ථාවේ බීමතින් සිට ඇත්ද යන්නයි.

එය පැවසීමට වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් කැඳවිය යුතු බව වුට්ලර් මහතා සඳහන් කළා. ඊයේ රාත්‍රියේ 7.45 ට පමණ සිදු වූ අනතුර සම්බන්ධයෙන් මෙතෙක් එම පරීක්ෂණ වාර්තා ලබා ගැනීම පමා වීම පිළිබඳව ද මාධ්‍ය මෙහිදී විමසා සිටියා.

ඒ සඳහා නිශ්චිත පිළිතුරක් ලබා නුදුන් මාධ්‍ය ප්‍රකාශකවරයා එය ලබා ගැනීමට සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා මේ වන විට කටයුතු කරමින් සිටින බවත් අද දහවල් වන විට එම වාර්තාව ලබා ගත හැකි බවයි ප්‍රකාශ කළේ.

රිය අනතුර කරපු රන්වල රෝහල් අතර ට්‍රිප් එකකුත් ගිහින්

එමෙන්ම මෙම අනතුරෙන් පසු මන්ත්‍රීවරයා පළමුව කිරිබත්ගොඩ මහ රෝහලටත් දෙවනුව රාගම රෝහලටත් ගොස් අනතුරුව ජාතික රෝහලට පැමිණ ඇති බව මාධ්‍ය පෙන්වා දුන්නා.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අනතුරකින් පසු රෝහල් ගත වීම රියදුරාගේ අභිමතය පරිදි සිදු කළ හැකි බවයි.

කෙසේ වෙතත් සියල්ලට ඉහළින් නීතිය පවතින බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරනය කර සිටියා.

Latest News

More like this

බීලා හිටපු කීප දෙනෙක් එක්ක තුවාල වූ අය රෝහලට යැව්වා. ඒකයි මගේ ළඟත් ගඳ එන්නේ.. රන්වල කියලා

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කතානායක අශෝක...

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට...

දිලිත්ගේ දෙරණ අමෙරිකානු සුපර් හර්කියුලිස් ගුවන් යානයකින් උතුරට

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ විපතට පත්වූ ජනතාවට සහන රැගෙන...