තනි මිනිහෙක්ගෙන් රටක් පාලනය කරන්න පුළුවන්ද..?

ජනාධිපතිවරණය, මහ මැතිවරණ සහ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අපගේ මාධ්‍ය කණ්ඩායම් ජනතාව අතරට ගොස් කාටද ඡන්දය දෙන්නේ අසන විට සියලු දෙනාම කිව්වේ අනුර කුමාර දිසානායකට දෙන බවයි.

ඒ මැතිවරණ තුනේදිම මිනිස්සු ඡන්දය දුන්නේ අනුර නම් තනි මිනිහාටය.

දැන් පොරවල් වී මාධ්‍ය ඉස්සරහා රඟන්න ගොස් නාන කිසිවකුගේ නමක් ගමක්වත් මිනිස්සු දැන සිටියේ නැත.

‘ගියපාර දුන්නේ ගෝඨාභයට අපි මේ පාර දෙන්නේ අනුරට’ මෝහනයට පත්ව සිටි මිනිස්සු කීවේ එහෙමය. අදටත් මැති ඇමතිවරුන් හාන විට කියන්නේද ‘අපි ඡන්දය දුන්නේ අනුරට’ කියාය. තනි මිනිහෙක් ගැන මහත් විසල් විශ්වාසයක් ගොඩ නැගී ඇත්තේ එලෙසය.

ඇත්තටම මේ ආණ්ඩුවේ බ්‍රෑන්ඩ් එක ජනතා විමුක්ති පෙරමුණවත් මාළිමාවවත් නොව අනුර කුමාර දිසානායකය. 2024 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේද ජේවීපී හෝ එන්පීපීය නොව අනුරය. තනි මිනිහාය.

මාළිමාවේ මැති ඇමැතිවරුන් කරන පිස්සු මිනිසුන් ඉවසා සිටින්නේ ‘කමක් නෑ.. අනුර හරියට කරයි’, ‘ අනුර ගොඩ දායි’ කියමිනි.

පොල් ගෙඩියේ ඇතුළ මදය පුස්සක් බව මින්ස්සු දනී. එහෙත් ඒ හිස් බව වසාගෙන තදට ඝනට සමස්තය දරාගෙන සිටින කට්ටක් වන්නට අනුර තවමත් උත්සහ කරමින් සිටියි.

එයට හොඳම සාක්ෂිය වන්නේ පශ්චාත් ආපදා කළමනාකරණ ක්‍රියාවලියයි. ආපදාවට ලක් වූ මිනිසුන් බේරා ගැනීමේ සිට සහන ලබාදීම, නැවත ගොඩ නැගීම මේ සියලුම තැන්වල බර පැටවුණේ ඔහුගේ කර මතය. එහිදී පෙන්නුම් කළේ සමස්‍තය දරා ගැනීමට ඔහුට ඇති හැකියාවයි. අර්බුද හමුවේ ගෝඨාභය වෙව්ලු වෙව්ලිල්ල අනුර තුළින් විද්‍යාමාන නොවීම ජේ.වී.පී සහ එන්.පී.පී යේත් මුළු රටේත් වාසනාවකි.

සමස්ත ආපදා කළමනාකරණ ක්‍රියාවලිය මේ වනතුරුත් ඇදගෙන යන්නේ ඒ ශක්‍තියෙනි. එහෙත් තනි මිනිහෙක්ට මේ ගේම දිගටම තනිවම ගැසීමට හැකිද යන බරපතල ප්‍රශ්නයක් අප හමුවේ පැන නැගී තිබේ.

අනුර ඔහු වටා ඇති මේ ඇත්ත පිළිගත යුතුය. පහුගිය කාලයේ තමන්ගේ ආඩු පාඩු වසා ගැනීමට ආණ්ඩුව දිගින් දිගටම කිව්ව කතාව වූයේ ‘අපිට ආණ්ඩු බලයට තිබුණට රාජ්‍ය බලය නෑ’ කියන කතාවයි. ජනාධිපතිවරයාට දිගින් දිගටම මේ කතාව ඇදගෙන යන්න නොහැකිය. රටටම විපතක් සිදුවූ මොහොතේ රට වටේම සෑම තැනකටම රිංගූ ඔහුට මේ සත්‍ය වැටහිය යුතුය. එහෙත් අනුරත් කළේ රාජ්‍ය නිලධාරීන් විවේචනය කිරීම පමණකි. එසේ නම් 76ක සාපය දේශපාලකයන් නොව රාජ්‍ය නිලධාරීන් විය යුතුය.

ඒක හරියට ගෝඨාභයට වෙච්ච දේ වගේමය. හිටපු ජනපති ගෝඨාභයටත් වුණේ ඔහුගේ ළඟම සිටි ඥාතීන් සහ හිතවතුන් ඔහුව විනාශ කරන බව වැටහෙද්දී අශ්වයා පැන ගොස් හමාරය.

සමහරක් දේශපාලන විචාරකයන් කියන්නේ උවමනාවෙන්ම ඇමතිවරු විහිළු කතා සපයා අනුර පමණක් යන මතය ආණ්ඩුවෙන්ම නිර්මාණය කරන එකක් බවයි. එහෙත් අපට පෙනෙන්නේ සියලුම කඩතොලු වැසීමට තනි මිනිහෙක් දරණ ප්‍රයත්නයයි.

තනි මිනිහෙකුට රටක් පාලනය කළ හැකිද යන්න අනාගතය විසින් තීරණය කළ යුත්තකි.

ගෝඨාභයට වූ දෙය අනුරට නොවේවා යන්න අපගේ ප්‍රාර්ථනාවයි.

ගෝලයෝ කෙළිය යුතු සියලුම පිස්සු කෙළිමින් ඉද්දීත් රටේ මිනිස්සු කියන්නේ අනුර කරයි කියාය. ඒ විශ්වාසයට කෙළවූ දාට රටටම කෙළවෙනවාය.

Latest News

More like this

රන්වල අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ජාතික රෝහලට..

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල අත්අඩංගුවට ගැනීම...

ඇමරිකානු උප රාජ්‍ය ලේකම් ඇලිසන් අනුරට දෙන්න පොරොන්දු වුණු වටිනාම දේ

ශ්‍රී ලංකාව හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවේ...

මුට්ටිවලට සිනාසී.. වට්ටි උස්සන් යන නලින්ද හා කොට්ටහච්චි

මිථ්‍යා දෘෂ්ටීන් පරදා විද්‍යානුකූල පාලනයක් රටට අවශ්‍ය බව පුන...

සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය කරන්න.. සජිත් ඉල්ලයි

අපාදාවට ලක් වූ ජනතාවට සහන ලබා දීමේ ක්‍රියාවලිය මුළුමනින්ම...