පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් අරඹන ලද “ආදරය” වැඩසටහන යටතේ දකුණ, වයඹ, මධ්‍යම, ඌව, උතුර සහ නැගෙනහිර, බස්නාහිර සහ සබරගමුව පළාත් වල විපතට පත් පවුල්වල දරු දැරියන් 50,000 කට අවශ්‍ය කරන පාසල් උපකරණ සහ පොත්පත් පෑන් පැන්සල් ආදිය බෙදා දීම ආරම්භ කර තිබෙනවා.
ආදරය යනු ගංවතුරින් සහ නායයාමෙන් විපතට පත්වු පවුල් වල දරු දැරියන්ට පොත් පත් සහ පාසල් උපකරණ සැපයීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ආරම්භ කරන ලද වැඩසටහනයි.
මෙම වැඩසටන මඟින් හම්බන්තොට, ගම්පහ, කෑගල්ල, නුවර එළිය කුරුණෑගල, ආදී දිස්ත්‍රික්ක ගණනාවක දරු දැරියන්ට මේවන විටත් අදාල අධ්‍යාපන උපකරණ කට්ටල සපයා ඇති බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.
තමන් සංකේතාත්මකව ආරම්භක උත්සවයේදිි දරු දැරියන් කිහිප දෙනෙකුට අවශ්‍ය උපකරණ කට්ටල භාරදීමෙන් පසු ඉදිරියට වැඩසටහන් පවත්වාගෙන යාම සිය පක්‍ෂ යාන්ත්‍රණය මගින් සිදු කරන බවයි ඔහු පවසන්නේ.
එහිදී කිසිදු පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීම තමන්ගේ අරමුණ බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
