ශ්‍රී ලංකාව හදිසියේ ආපදා තත්ත්වයට මුහුණ දී සිටින මේ අවස්ථාවේ එය නිරීක්ෂණය කිරීම සඳහා ජනතාව අතරට යන මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වෙනවා.
එවැනි අවස්ථාවල ජනතා විරෝධයක් පැන නැගීමේ අවදානමක් පිළිබඳ බියක් නිර්මාණය වී තිබීම ඊට හේතුවයි.
කුමන ආකාරයෙන් හෝ විරෝධයක් මතු වී සමාජ මාධ්‍ය ගත වුවහොත් ආණ්ඩුවට වන අපකීර්තිය වළක්වා ගැනීම සඳහා රජය පූර්ව සූදානම් වී ඇති ආකාරයයි ඉන් පෙනී යන්නේ.
මෑත දින කිහිපයේ ආපදා තත්ත්වයන් නිරීක්ෂණය සඳහා සහභාගි වන මැති ඇමතිවරුන් පිටුපස උසස් පොලිස් නිලධාරීන් ගමන් කරන ආකාරය හොඳින් නිරීක්ෂණය කළ හැකිය.
ආපදාවට ලක් වූ ඇතැම් ප්‍රදේශවලට ආණ්ඩුවේ නියෝජිතයන් ගිය අවස්ථාවල විරෝධතා එල්ල වූ අවස්ථා කිහිපයක්ම පසුගිය දින කිහිපයේ වාර්තා වී තිබුණා.
