ලෝක ප්‍රසිද්ධ පාපන්දු තරුවක් වන ලයනල් මෙසී මේ වන විට සිටින්නේ අපගේ අසල්වැසි ඉන්දියාවේය.
සුප්‍රසිද්ධ තරුව දැක බලා ගැනීමට ඉන්දියානුවන් දහස් ගණනක් කොල්කටා නගරයට රැස්ව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔහු අද (13) උදෑසන කොල්කටා නගරයට පැමිණි අතර එහි වැඩසටහන් කිහිපයකට සහභාගි වී හයිද්‍රාබාද් වෙත පිටත්ව යාමට නියමිතය.
38 හැවිරිදි මෙසීට උපහාරයක් ලෙස කොල්කටාවේ විවේකානන්ද යූබා භාරතී ක්‍රිරංගන් හිදී අඩි 70 ක යෝධ ප්‍රතිමාවක් විවෘත කිරීමට නියමිත බව වාර්තාවල දැක්වෙනවා.
එම අවස්ථාවට කොල්කටා මහ ඇමතිනි මම්තා බැනර්ජි, ජනප්‍රිය ඉන්දීය ක්‍රිකට් නායක සෞරව් ගංගුලි සහ සුපිරි නළු ෂාරුක් ඛාන් ද සහභාගී වීමට නියමිතය.
කෙසේ වෙතත්, ලෝක කුසලාන ජයග්‍රාහකයා පෞද්ගලිකව හමුවීමට බලාපොරොත්තු වන අයට සංවිධායකයින් විසින් අදහාගත නොහැකි මිලක් නියම කර තිබීමද මේ වන විට ආන්දෝලනයක් මතු කර ඇති බව පැවසෙනවා.
The GOAT India Tour 2025 සංවිධායකයින් නිවේදනය කර ඇත්තේ මෙසී සමඟ එක් ඡායාරූපයක් සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 9.95 ක් (රු ලක්ෂ 34කට ආසන්න) සහ GST බදු ගාස්තුවක් වැය වන බවයි.
එම පෞද්ගලික හමුව සහ ආචාර කිරීම හා ඡායාරූප ගැනීම ස්ථාන කිහිපයකදී සිදු කිරීමට නියමිත අතර දැනටමත් ඔන්ලයින් මාර්ගයෙන් එම වෙන් කර ගැනීම සිදු කිරීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා.
