පන්සල් – පල්ලි – කෝවිල් වල වත්කම් සොයයි

ආගමික ස්ථාන යටතේ පවතින වත්කම් පිළිබඳ තොරතුරු ලබාගැනීමට රජය තීරණය කරයි.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසන්නේ සිද්ධස්ථාන යටතේ පවතින වත්කම් පිළිබඳ මෙතෙක් සටහන්ව නොතිබීම හේතුවෙන් එම පියවර ගන්නා බවයි.

ආගමික ස්ථාන ලියාපදිංචි කිරීමට සමගාමීව ඊට අදාළ තොරතුරු රැස් කිරීමද ආරම්භ කර ඇත.

ග්‍රාම නිලධාරී වසමකට තිබිය හැකි විහාරස්ථාන ගණන පිළිබඳව ද ඉදිරියේදී නිර්ණායක සකස් කිරීමට රජය අපේක්ෂා කරයි.

– newswave.lk

Latest News

error: Content is protected !!