රට හදන්න සිරිසේන පවුලෙනුත් කෝටි 10ක්

අරලිය සමූහ ව්‍යාපාරය මඟින් හදිසි ආපදා තත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේන මහතා මෙම පරිත්‍යාගය අද (13) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට ලබා දී තිබුණා.

ඩඩ්ලි සිරිසේන මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මීට අමතරව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආපදාවන්ට ලක්වූවන්ගේ සහන වැඩසටහන් වෙනුවෙන් සහ සහන සේවා කටයුතු වෙනුවෙන් තවදුරටත් ඔහුගේ සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බවයි සඳහන් කර තිබෙන්නේ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති සිරිසේන මහතාගෙන් මෑතකදී ජනතාවට සැනසීම සඳහා පරිත්‍යාගයක් කරන්නේදැයි කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර තිබුණේ එවැනි පරිත්‍යාගයක් සිදු කිරීමට තමාට බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවක් නොමැති බවකි.

Latest News

More like this

තනි මිනිහෙක්ගෙන් රටක් පාලනය කරන්න පුළුවන්ද..?

ජනාධිපතිවරණය, මහ මැතිවරණ සහ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අපගේ මාධ්‍ය...

රන්වල අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ජාතික රෝහලට..

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල අත්අඩංගුවට ගැනීම...

ඇමරිකානු උප රාජ්‍ය ලේකම් ඇලිසන් අනුරට දෙන්න පොරොන්දු වුණු වටිනාම දේ

ශ්‍රී ලංකාව හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවේ...

මුට්ටිවලට සිනාසී.. වට්ටි උස්සන් යන නලින්ද හා කොට්ටහච්චි

මිථ්‍යා දෘෂ්ටීන් පරදා විද්‍යානුකූල පාලනයක් රටට අවශ්‍ය බව පුන...