මෙසී ඇවිත් ඉන්දියාවේ කලබලයක්.. රසිකයින් ක්‍රීඩාංගනයක් කුඩු කරයි

ලයනල් මෙසීගේ ඉන්දීය සංචාරය අතරතුර කොල්කටාවේ සෝල්ට් ලේක් ක්‍රීඩාංගනයේ අද (13) දැඩි නොසන්සුන්තාවයක් ඇති වුණා.

ඒ එම ස්ථානයට මෙසී පැමිණීමෙන් මිනිත්තු කිහිපයකට පසුය. මෙසී පැමිණීමත් සමඟ දේශපාලනඥයින් ක්‍රීඩකයින් සහ අනවසර පුද්ගලයින් ආරක්ෂක ප්‍රොටෝකෝල උල්ලංඝනය කරමින් ඔහු වටේ රොක් වී තිබෙනවා.

ඔවුන් ඔහු සමඟ සෙල්ෆි ඡායාරූප ගැනීමට හා ළං වීමට උත්සහ කිරීම නිසා එසේ නොකර සිටින්නැයි නිවේදනය කිරීමට සංවිධායකයින්ට සිදු වුණා.

පසුව ඔහුට විනාඩි දහයක් ඇතුළත එම ස්ථානයෙන් පිටව යාමට සිදුවූ බවයි වාර්තා වන්නේ. ඒ සමඟ කෝප වූ රසිකයන් ජල බෝතල් සහ පුටු ක්‍රීඩාංගනයට වීසි කිරීමට පටන් ගෙන තිබෙනවා.

ලයනල් මෙසී නැරඹීමට රුපියල් දහස් ගණනක් වියදම් කළද, ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා මිනිත්තු 10 කටත් අඩු කාලයක් ලබා දීම නිසා රසිකයන් කෝප වූ බව එම වාර්තාවල දැක්වෙනවා.

ක්‍රීඩාංගනයට විශාල පිරිසක් රැස්ව සිටීම නිසා මෙම තත්ත්වය පාලනය කර ගැනීමට සංවිධායකයින්ට හැකියාව ලැබුණේ නැහැ. රුපියල් දහස් ගණනක් වියදම් කළ රසිකයින්ට පාපන්දු ක්‍රීඩකයාව හරිහැටි දැක ගැනීමටවත් නොහැකි වූ බවයි වාර්තා වන්නේ.

කෝප වූ රසිකයන් චෝදනා කර සිටියේ සංවිධායකයින් ව්‍යාජ පොරොන්දු ලබා දුන් බවයි. දේශපාලනඥයින් සහ ප්‍රාදේශීය නායකයින් ඔහුව වට කරගෙන සිටීම නිසා ඔහුව දැක ගැනීමට නොහැකි වූ බවටයි ඔවුන් චෝදනා කර සිටියේ.

ජනප්‍රිය නළු ෂාරුක් ඛාන් පැමිණෙන බව සංවිධායකින් සඳහන් කළත් ඔහුද එම අවස්ථාවට සහභාගී නොවු බවට ඔවුන් චෝදනා කර තිබෙනවා.

මේ වන විට එම සංචාරයේ ප්‍රධාන සංවිධායකවරයා පොලිස් අත් අඩංගුවට පත්ව ඇති බවටද මාධ්‍ය වාර්තා පළ වෙනවා. කොල්කටා මහ ඇමති මමතා බැනර්ජි සිදුවීම සම්බන්ධයෙන් මෙසී ඇතුළු සිදුවීම නිසා අපහසුතාවට පත්වූ සියලුම ජනතාවගෙන් සමාව අයැද සිටි අතර සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි පවසා ඇත්‍තේ.

Latest News

More like this

මස්ක්ගෙන් ලංකාවට ස්ටාර්ලින්ක් සහනාධාරයක්

එක්සත් ජනපද ප්‍රකෝටිපතියකු වන ස්ටාර්ලින්ක් ආයතනයේ හිමිකරු වන ඊලොන්...

මෙසීව බලන්න අපි හනිමුන් එක කැන්සල් කළා…

ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී "GOAT India Tour" සංචාරය...

තෙල්දෙණියේ දී වැටලූ ෆේස්බුක් සාදයේ මහනුවර මාළිමා උප නගරාධිපතිගේ දියණියත් ඉඳලා… ඇප ඉක්මණින් ලැබෙයිද?

වික්ටෝරියා ජලාශය අසල පිහිටි හෝටලයක පැවැත්වූ ‘ෆේස්බුක් සාදයක්’ වටලා...

දකුණු ආසියාවේ හොඳම IQ මීටර ඉන්නේ ලංකාවේ

2025 වසරේ දකුණු ආසියාවේ ඉහළම සාමාන්‍ය IQ මට්ටමක් සහිත...