දකුණු ආසියාවේ හොඳම IQ මීටර ඉන්නේ ලංකාවේ

2025 වසරේ දකුණු ආසියාවේ ඉහළම සාමාන්‍ය IQ මට්ටමක් සහිත මිනිසුන් බවට ශ්‍රී ලාංකිකයන් පත්ව තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන් 102 ක සාමාන්‍ය IQ මට්ටමක් පෙන්නුම් කරන බව පෙන්වා දී ඇත්තේ ජ්‍යාත්‍යන්තර IQ පරීක්ෂණයේ (Intrnational IQ Test) දත්ත වාර්තාවක් මඟිනි.

එම දත්ත වාර්තාවට අනුව ලෝකයේ ඉහළම සාමාන්‍ය IQ මට්ටමක් ඇති රටවල් 12 අතරට ද ලංකාව තේරීපත් වී ඇත්තේ සුවිශේෂී ලෙසයි.

මෙම පර්යේෂණය සිදු කරන ලද්දේ ලොව පුරා 1,352,763 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ලබා ගත් දත්ත අනුවය.

IQ ලකුණු සාමාන්‍යයෙන් රටක ජනතාව ලබා ගත හැකි අධ්‍යාපනයේ සහ සම්පත්වල ගුණාත්මකභාවය පිළිබිඹු කරයි.

ජ්‍යාත්‍යන්තර IQ පරීක්ෂණයේ ගෝලීය සාමාන්‍ය IQ මට්ටම 100 ක් වන අතර ශ්‍රී ලංකාවේ සාමාන්‍ය IQ මට්ටම එම අගය අභිබවා ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් සහභාගී වූවන් 2840 දෙනෙකු සම්මත IQ පරීක්ෂණයක් මත පදනම්ව මෙම ඇගයීමට මුහුණ දී තිබෙනවා.

මෙම පරීක්ෂණය අනුව ලෝකයේ ඉහළම සාමාන්‍ය IQ මට්ටම සඳහා පළමු ස්ථානයට පත්ව ඇත්තේ චීනයයි. ඒ සාමානය IQ අගය 107 ක සාමාන්‍යයක් සමඟිනි.

Latest News

More like this

මස්ක්ගෙන් ලංකාවට ස්ටාර්ලින්ක් සහනාධාරයක්

එක්සත් ජනපද ප්‍රකෝටිපතියකු වන ස්ටාර්ලින්ක් ආයතනයේ හිමිකරු වන ඊලොන්...

මෙසීව බලන්න අපි හනිමුන් එක කැන්සල් කළා…

ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී "GOAT India Tour" සංචාරය...

තෙල්දෙණියේ දී වැටලූ ෆේස්බුක් සාදයේ මහනුවර මාළිමා උප නගරාධිපතිගේ දියණියත් ඉඳලා… ඇප ඉක්මණින් ලැබෙයිද?

වික්ටෝරියා ජලාශය අසල පිහිටි හෝටලයක පැවැත්වූ ‘ෆේස්බුක් සාදයක්’ වටලා...

මෙසී ඇවිත් ඉන්දියාවේ කලබලයක්.. රසිකයින් ක්‍රීඩාංගනයක් කුඩු කරයි

ලයනල් මෙසීගේ ඉන්දීය සංචාරය අතරතුර කොල්කටාවේ සෝල්ට් ලේක් ක්‍රීඩාංගනයේ...