වික්ටෝරියා ජලාශය අසල පිහිටි හෝටලයක පැවැත්වූ ‘ෆේස්බුක් සාදයක්’ වටලා නීති විරෝධී මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6000කට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමට තෙල්දෙණිය පොලිසිය සමත් වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 4 දෙනෙකු කාන්තාවන් බවයි වාර්තා වන්නේ.
පොලිස් ආරංචි මාර්ගවලට අනුව ජාතික ජන බලවේගය නියෝජනය කරන මහනුවර උප නගරාධිපතිවරයාගේ දියණිය ද එහි සිටින බව අනාවරණය වී තිබෙනවා.
තෙල්දෙණිය පොලිස් කොට්ඨාසයේ වික්ටෝරියා ජලාශය අසල පිහිටි හෝටලයක පැවති මෙම උත්සවය අද (13) අලුයම වැටලූ බව පොලිසිය පවසනවා.
මෙහෙයුම අතරතුර, පොලිසිය සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4,134ක් සහ හෂිෂ් මිලිග්‍රෑම් 1,875ක් සොයා ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
සැකකරුවන් වයස අවුරුදු 18-31 අතර වයස් කාණ්ඩවල පසුවන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
