මස්ක්ගෙන් ලංකාවට ස්ටාර්ලින්ක් සහනාධාරයක්

එක්සත් ජනපද ප්‍රකෝටිපතියකු වන ස්ටාර්ලින්ක් ආයතනයේ හිමිකරු වන ඊලොන් මස්ක් විසින් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය වෙනුවෙන් විශේෂ පරිත්‍යාගයක් කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් මේ බව නිවේදනය කරමින් සඳහන් කළේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙනුවෙන් එම පරිත්‍යාගය සිදු කර ඇති බවයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කටයුතු සාර්ථකව කඩිනම්ව සිදු කිරීමේදී අවශ්‍ය වන සබඳතා පවත්වා ගැනීම සඳහා ස්ටාර්ලින්ක් යුනිට් 100ක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කළ බවයි ඔහු කියා සිටියේ.

එම ස්ටාර්ලින්ක් ඒකක මේ වන විටත් ශ්‍රී ලංකාව වෙත ලැබී ඇති අතර ඒවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත භාර දීමට යුහුසුළුව කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

Latest News

More like this

මෙසීව බලන්න අපි හනිමුන් එක කැන්සල් කළා…

ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී "GOAT India Tour" සංචාරය...

තෙල්දෙණියේ දී වැටලූ ෆේස්බුක් සාදයේ මහනුවර මාළිමා උප නගරාධිපතිගේ දියණියත් ඉඳලා… ඇප ඉක්මණින් ලැබෙයිද?

වික්ටෝරියා ජලාශය අසල පිහිටි හෝටලයක පැවැත්වූ ‘ෆේස්බුක් සාදයක්’ වටලා...

දකුණු ආසියාවේ හොඳම IQ මීටර ඉන්නේ ලංකාවේ

2025 වසරේ දකුණු ආසියාවේ ඉහළම සාමාන්‍ය IQ මට්ටමක් සහිත...

මෙසී ඇවිත් ඉන්දියාවේ කලබලයක්.. රසිකයින් ක්‍රීඩාංගනයක් කුඩු කරයි

ලයනල් මෙසීගේ ඉන්දීය සංචාරය අතරතුර කොල්කටාවේ සෝල්ට් ලේක් ක්‍රීඩාංගනයේ...