යෝධ වැව අභය භූමියේ මායිම් ගල් දාන්න විරුද්ධ වෙන්න කාටද ඔච්චර බලයක් තියෙන්නේ? බදියුදීන් ඉදිරියේ තියාගෙන ජනාධිපති කළ කතාව

ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේදී ඔවුන්ගේ ජීවනෝපායන් යළි ගොඩ නැඟීම කෙරෙහි ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ඊයේ (13) පස්වරුවේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්.

යෝධ වැව අභය භූමිය ජල පෝෂක ප්‍රදේශයේ අනවසර ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව එහිදී ජනාධිපතිවරයාගේ දැඩි අවධානයක් යොමු කළ ආකාරය දක්නට ලැබුණා.

නිලධාරීන් එම අවස්ථාවේ ජනාධිපතිවරයාට පැවසුවේ වැව් මායිම් ලකුණු කිරීම සහ ඒ ස්ථානවලට ගල් දැමීමට ගොවීන්ගෙන් බාධා එල්ල වන බවකි.

වැව් මායිම් ගල් දැමීමට බාධා කරන පිරිස් සාමාන්‍ය ගොවීන් නොවිය හැකි බවත් කිසියම් හෝ බලයක් ඇති හස්තයක් ඒ පිටුපස සිටිය හැකි බවත් වහාම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දුන්නා.

‘තෘණ භූමි අල්ලන් ඉන්නෙ කවුද ඔයගොල්ලොන්ටනේ අයිති.. සාමාන්‍ය ගොවීන් වෙන්න බැහැනේ. වෙන බලයක් තියෙන අයනේ ඇත්තේ. මුලින්ම ඉඩම්වල අයිතිය තහවුරු කරගන්න. කවුද ඔච්චර බලයක් තියෙන කෙනා’

යනුවෙන් ජනාධිපතිවරයා විමසන විට හිටපු අමාත්‍යවරයකුවන රිෂාඩ් බදියුදීන් පිළිතුරු දුන්නේ මෙම ප්‍රශ්නය විසඳීම සඳහා කමිටුවක් ද පත් කළ බවත් කෙසේ වෙතත් එම කාර්යය සිදු නොවුණු බවයි.

සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වන්නි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති උපාලි සමරසිංහ, උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේධනායකන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. තිලකනාදන්, එම්. ජෙගදීෂ්වරන්, ටී. රවිහරන්, සත්‍යලිංගම්, සෙල්වම් අඩෙයික්කලනාදන්, කාදර් මස්තාන්, රිෂාඩ් බදියුදීන් යන මහත්වරු ඇතුළු පක්ෂ, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ උතුරු පළාත් ප්‍රධාන ලේකම් ඩී. මුරුගේසන් මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ .කනගේස්වරන් යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය නිලධාරීහු, ආරක්ෂක් අංශ නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Latest News

More like this

ග්‍රීන්ලන්තයේ සෑම පුරවැසියෙකුටම ට්‍රම්ප්ගෙන් ඇ ඩොලර් 100,000ක ඔෆර් එකක්

ඩෙන්මාර්කයෙන් වෙන් වී ඇමරිකාවට එක්වීම සඳහා සෑම ග්‍රීන්ලන්ත පුරවැසියෙකුටම...

සිංහයා යළි කකුල් සතරෙන් සිටගනී. ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය තවමත් අක්‍රීයයි..

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය...

ඉරානය නොසන්සුන් කළ ආගමික සංස්ථාව හා වෙළඳ පැලැන්තිය අතර ගැටුම

ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩව දහතුන්වන දිනටත් සිකුරාදා පැවැත්වුණේ...

බුද්ධාගම පොතට ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය දාලා.. විපක්ෂ නායක සජිත්

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව...