දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

‘දිට්වා’ සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන, ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කරන්නේ සුළි කුණාටු තත්ත්වය පිළිබඳ තමන් දිගින් දිගටම දැනුම් දුන් බවට ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය පසුගිය දා සිදු කළ නිවේදනය උපුටා දක්වමිනි.

ඔහු පෙන්වා දෙන ආකාරයට එම සංවිධානයේ සාක්ෂිවලින් පෙනී යන්නේ සුළි කුණාටුව සඳහා විශ්වසනීය පූර්ව අනතුරු ඇඟවීම් නොවැම්බර් 23 වන දිනට පෙර නිකුත් කර ඇති බවයි.

“විනිවිදභාවය, වගවීම වෙනුවෙන් හා බලපෑමට ලක් වූ සෑම පවුලකටම යුක්තිය ඉටු කිරීම සඳහා අපක්ෂපාතී, ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් ප්‍රමාදයකින් තොරව පත් කළ යුතුය” ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමක් වන ‘X’ හි පළ කළ සටහනක දැක්වෙනවා.

‘ශ්‍රී ලංකාව සත්‍ය දැනගැනීමට අවශ්‍යයි.’
පූර්ව දැනුමක් තිබියදීත්, පූර්ව අනතුරු ඇඟවීම් මත ක්‍රියා කිරීමට අපොහොසත් වූ බවට ඔහු රජයට චෝදනා කර තිබෙනවා.

නොවැම්බර් 24-25 දිනවල මූලික අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර සුළි කුණාටුව කඩා වැදුණේ නොවැම්බර් 28 වන දිනය. බලධාරීන්ට අවම වශයෙන් දින තුනක් සූදානම් වීමට තිබූ නමුත්, නියමිත වේලාවට ආපදා ප්‍රතිචාර යාන්ත්‍රණයන් සක්‍රීය කිරීමට අපොහොසත් වූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

Latest News

More like this

බුද්ධාගම පොතට ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය දාලා.. විපක්ෂ නායක සජිත්

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව...

ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් ඩෙන්මාර්කයේ පළමු පියවර හෙළි කරයි

එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් සොල්දාදුවන් පළමුව වෙඩි තබා...

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...